පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් මතුව ඇති අවදානම් තත්වය නිසා අනුරාධපුර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා මේ බව සඳහන් කළා.
ඇගලුම් සේවිකාවකගේ මළසිරුරක් හොරණ ලැගුම්හලක විදුලි ලංකාවේ එල්ලෙමින් තිබියදී පොලිසිය විසින් සොයගෙන තිබෙනවා. ඒ ලද තොරතුරක් මතයි. අදාල මිය ගිය ඇඟලුම් සේවිකාව ඉකුත් දා පෙරවරු 10.30 ට පමණ යතුරුපැදියකින් තනිව එම ලැගුම්භල වෙත පැමිණ තිබෙන අතර එහිදී ඇය විසින් රුපියල් 1000 ක් ගෙවා පැය හයකට පමණ කාලයකට කාමරයක් එම ලැගුම්හලේ සේවකයින් විසින් ලබා දී තිබෙනවා. […]
අද දිනයේ බස්නාහිර පළාතේ පාසල් 907 ක අධ්‍යන කටයුතු ආරම්භ කෙරෙනු අතර ඒ මෙවර සා/ පෙළ විභාගයට පෙනී සිටිමිට නියමිත දරුවන් වෙනුවෙන්. කෙසේ වෙතත් කොරෝනා තත්වය පවතින පසුබිමක පාසල් විවෘත කිරීම හේතුවෙන් දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුකුලව කටයුතු කිරීම වඩා වැදගත් බවයි එම අංශ සදහන් කරන්නේ. මේ අනුව එම වැඩපිළිවෙලේ පියවරක් ලෙස පාසල් ආශ්‍රිතවත් අහඹු […]
ගතවූ පැය 24 තුලදී මුව ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන රෙගුලාසි කඩකිරීම හේතුවෙන්පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුල මෙලෙස නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 2,746 ක්. එම පිරිස අතරින් පුද්ගලයින් 2,600 කට මේ වන […]
ස්වයං නිරෝධායනය වෙමින් සිටි පොලිස් සැරයන්වරයෙකු නිවසින් බැහැරට ගිය අවස්ථාවක අනතුරකට ලක්ව ඇති බව පොලිසිය පවසනවා. අදාළ සැරයන්වරයා කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ස්වයං නිරෝධායනය වන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණා. කෙසේ වෙතත් නිරෝධායනය වෙමින් සිටින අතරතුර සිය යතුරුපැදියෙන් නිවසින් බැහැරට ගොස් තිබූ නිලධාරියා ටිපර් රථයක ගැටී අනතුරට ලක්ව […]
කොරෝනා වෛරසය හේතුවෙන් තවකාලිකව නවතා දමා තිබු සියලු දුම්රියන් අද සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව අද සිට දුර ගමන් සේවා සියල්ලම ධාවනයට එක් කිරීමට නියමිත බවයි එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ. රාත්‍රී තැපැල් දුම්රියද අද සිට ධාවනයට එක් කෙරනු ඇති.
බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ සිදුවු ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම ක්‍රීඩකයින් තරගාවලියක් සදහා ගොස් සිටියදී එහිදී ඔවුන්ට සිදු කරන ලද PCR පරීක්ෂණ වලදී ඔවුන් කොරෝනා ආසාදිතයින් බව හදුනා ගැනීමත් සමග නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත්තේ. මෙම අනතුරෙන් ක්‍රීඩකයින් ඇතුළු ගුවන් නියමුවාද මිය ගොස් තිබෙනවා.
පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි තබා තිබුණා. ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා මිය ගොස් තිබෙනවා. එලෙස මියගියේ 32 හැවිරිදි පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ, වෙඩි තැබීම සිදු වූ ස්ථානයට […]
ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ ලෙස හැඳින්වෙන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදට වසර 23ක් සපිරෙනවා. 1990 වසරේ අවසන් භාගය වනවිට මෙරට සිවිල් යුද්ධය උපරිම මට්ටමක් දක්වා වර්ධනය වී තිබූ අතර 1995 දක්වා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින්ගේ ග්‍රහණයේ තිබූ උතුරු පර්යන්තය වූ යාපනය අර්ධද්වීපය නැවතත් සියතට නතුකර ගැනීමට ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව සමත් වනවා. […]
ඊයේ දිනයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි අමුත්තෙකු පිලිබදව ICC යෙන් අමුතු ආකාරයේ ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පිටියේ පන්දු රකිමින් සිටි අවස්ථාවේ දී තලගොයකු පිටියට පැමිණීම හේතුවෙන්. මේ පිලිබදව ට්විටර් සටහනක් තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු […]
වයස අවුරුදු 03 ක් පමණ දැරියක් සෙල්ලම් කිරීමට කියා සිය නිවෙසට රැගෙන ඇවිත් එම දැරියට ලිංගික අතවර සිදු කල බව කියන 14 වයසැති ඥාති සහෝදරයෙකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල බාලවයස්කාර පුද්ගලයා එම දැරියගේ මවුපියන් රැකියාවට ගොස් සිටියදී මිත්තණිය භාරයේ සිටියදී මෙලෙස එම දැරියව රැගෙන ගොස් තිබෙන්නේ.