News Line| Off Air
Generic placeholder image

Jan
25

හෝමාගම මනාල යුවළ දෙකකට කොරෝනා – මංගල උත්සවයට පැමිණි පිරිස් නිරෝධායනයට

Generic placeholder image

ඉකුත් දා හෝමාගම ප්‍රදේශයේ පැවැත් වූ මංගල උත්සව දෙකක මනාළ යුවළ දෙකකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ ඔවුන් හට සිදු කර තිබෙන pcr පරීක්ෂණ තුලින්. එක් මංගල උත්සවයක සාද අවස්ථා තුනක් පවත්වා තිබෙන අතර ඒ ඔවුනොවුන් ගේ නිවෙස් වල හා හෝටලයකයි. මේ අනුව මෙම උත්සව අවස්ථාවන්ට සහභගි වූ පිරිස් මේ වන […]


Jan
25

එඩ්වින් ආරියදාස කලා ශූරීන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ

Generic placeholder image

අභාවප්‍රාප්ත කලාකීර්ති, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ඊයේ උදෑසන සිට බොරැල්ල ජයරත්න අවමංගල්‍යය ශාලාවේ තැන්පත්කර තැබුණා. අද පස්වරු 3.30ට අවමංගල්‍යය සභාව බොරැල්ල සුසාන භූමියේ ඉදිකර ඇති විශේෂ චිතකය අසලදී ආරම්භ වන අතර ආදාහන කටයුතු […]


Jan
25

කොවිඩ් වැළඳුණු කතුන් තිදෙනෙක් මියයයි – මරණ ගණන 283 තෙක් ඉහළට

Generic placeholder image

කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වූ කාන්තාවන් තිදෙනෙකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කළා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ 77, 84 සහ 65 යන වයස් සීමාවන්වල පසු වූ කාන්තාවන් තිදෙනෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඔවුන් කොළඹ 14, මරදාන සහ පූජාපිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටියා. ඳම කාන්තාවන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් […]


Jan
25

මාතර මව සහ පුත්‍රයා දිසි නසා ගත් හේතුව

Generic placeholder image

මාතර, ගන්ධර ප්‍රදේශයේ නිවසක තිබී ගෙල වැල ලා ගෙන මිය ගිය බවට සැක කෙරෙන කුඩා දරුවෙකුගේ සහ කාන්තාවකගේ මළ සිරුරු දෙකක් ඊයේ හමු වුණා. පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව ලියූ බවට සැක කෙරෙන ලිපියක් එම නිවසේ තිබී හමු වූ බවයි. ඇගේ සැමියා ධීවර රැකියාවේ නිරත අයෙක් වන අතර ඔහු මුහුදු ගිය අවස්ථාවේ අදාළ කාන්තාව එම ලිපිය […]


Jan
25

කොළඹ දිස්ත්‍රික්කය යලිත් වරක් අවදානම් තත්වයක

Generic placeholder image

ඊයේ දිනය තුල හදුනාගත් කොරෝනා ආසාදිතයින් 843 දෙනා අතරින් ආසාදිතයින් 480ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර මෙය අවදානම් තත්වයක් වන බව දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කය යලිත් වරක් අවදානම් තත්ත්වය කට පත්ව ඇති අතර කොළඹ 1-15 සියලු ප්‍රදේශවලින්ම ආසාදිතයින් වාර්තා වීමද මෙම අවදානම තවත් ඉහලට යෑමට හේතුවක් වී ඇති බවයි සදහන් වන්නේ


Jan
25

අද සිට හුදෙකලා බව අලුතින් පැනවෙන සහ ඉවත් වන ප්‍රදේශ

Generic placeholder image

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කල්මුණේ ප්‍රදේශයේ කොටස් කිහිපයක් හුදෙකලා බවින් ඉවත්කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොටට අයත් ගම්මානයක් සහ පූජාපිටිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අලුතින් හුදෙකලා කරන බව එම මධ්‍යස්ථානය නිවේදනය කළා. එම තොරතුරු පහතින් :


Jan
25

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.


Jan
25

සවස් වරුවේ වැසි

Generic placeholder image

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.


Jan
24

බස්නාහිර පළාතේ O/L සිසුන්ට හෙට සිට පාසල් ඇරෙයි

Generic placeholder image

හෙට(25) දිනයේ 2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරේ. මාර්තු මසදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව හෙට(25) දිනයේදී බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. කෙසේ වෙතත් දුරබැහැර ප්‍රදේශවල සිටින සිසුන්ට තම ආසන්නතම පාසලට ගොස් අධ්‍යාපනය […]


Jan
23

අභාවප්‍රාප්ත එඩ්වින් ආරියදාස ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා

Generic placeholder image

අභාවප්‍රාප්ත කලාකීර්ති, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එඩ්වින් ආරියදාස මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට උදෑසන 10 සිට අනිද්දා පස්වරුව දක්වා බොරැල්ල ජයරත්න අවමංගල්‍යය ශාලාවේ තැන්පත්කර තැබෙන බවයි. අවමංගල්‍යය සභාව අනිද්දා පස්වරු 3.30ට බොරැල්ල සුසාන භූමියේ […]


Jan
23

තවත් ආසාදිතයින් 371 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 371 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 724ක්. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල ආසාදිතයින් ගණන 53,710 දක්වා ඉහළ ගියා.


Jan
23

කොවිඩ් ආසාදිත සුව ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා. හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඇයව යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. අමාත්‍යවරියට වෛරසය ආසාදනය වූ බවට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් තහවුරු වී තිබූ අතර එය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් […]


News Articles
Latest Videos
Most Popular Post