News Line| Off Air
Generic placeholder image

Jan
5

කොරෝනා ආසාදිතව සිටි තවත් 445කට සුවයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වී සිටි තවත් 445 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 38,000 පසු කළ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 38,262ක් ලෙසයි. කොරෝනා වෙෙරසය ආසාදනය වූ මුළු රෝගීන් ගණන 41,476ක්. ඊයේ රාත්‍රී තවත් මරණ දෙකක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ […]


Jan
5

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් හටන අතරතුර දිමුත් 10 වැනි ශතකය රැස් කරයි

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි. ජෝහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන තරගය අතරතුර සිය 10 වැනි ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න අද සමත් වුණා.


Jan
5

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩු පීඩනයකින්

Generic placeholder image

කොළඹ – 01, කොළඹ – 02 සහ කොළඹ – 03 යන ප්‍ර්‍රදේශවලට අද දහවල් සිට හෙට පස්වරු 3 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ සිට මාලිගාකන්ද දක්වා වන ජල නලයක සිදු කෙරෙන හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් පැය 15ක කාලයක් අදාළ ප්‍රදේශවලට එලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි […]


Jan
5

හපුතලේට නව නගරාධිපතිවරයෙක් (ඡායාරූප)

Generic placeholder image

හපුතලේ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස උපුල් දිසානායක මහතා අද දිවුරුම් දුන්නා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි. හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අදාළ තනතුරට උපුල් දිසානායක මහතා පත් කෙරුණු අතර මින් පෙර ද ඒ මහතා හපුතලේ නගරාධිපතිවරයා ලෙස කටයුතුකර තිබෙනවා.


Jan
5

නව වසරේ උදාව සමරන්න ගිය 18 වියැති සිසුවා මෝටර් රථයකට බිලි

Generic placeholder image

2021 නව වසරේ උදාව සැමරීම සදහා කොළඹ – ගාලු මුවදොර පිටියට ගිය 18 හැවිරිදි පාසල් සිසුවෙකු මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ, ඔහු සිය ඥාතීන් සමග ගාලු මුවදොරට ගොස් ඇති අතර සිසුවා සහ ඥාතීන් වෙන් වෙන් වශයෙන් එහි ගොස් තිබූ බවයි. ඥාතීන් ත්‍රිරෝද රථයකින් ද සිසුවා සිය යතුරුපැදියෙන් ද අදාළ ස්ථානයට ගොස් තිබුණා. […]


Jan
5

ජැක් මා අතුරුදන් වී ඇති බවට සැකයක්?

Generic placeholder image

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන චීන ජාතික ව්‍යාපාරික ජැක් මා මාස දෙකකට අධික කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අතුරුදන්ව ඇතැයි සැක කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සැඟව සිටින බවට සැක කරන බවත් ඊට හේතුව චීනයේ පාලන තන්ත්‍රය විවේචනය කිරීමේ සිද්ධියක් විය හැකි බවට අනුමාන කරන බවත් විදෙස් පුවත්පත් වාර්තාවක සහදන්. ජැක් මා පසුගිය […]


Jan
5

ජනවාරි 23 සිට ගුවන් තොටුපළ විවෘත කිරීමට පියවර

Generic placeholder image

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ මස 23 වැනිදා සිට සංචාරකයින් සදහා සම්පූර්ණයෙන්ම විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.


Jan
5

කොවැක්ස් පහසුකම යටතේ කොරෝනා එන්නත් ලබා ගැනීමට හැකි ද?

Generic placeholder image

කොවැක්ස් පහසුකම යටතේ කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත්කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කොවැක්ස් ක්‍රියාවලියට මෙරට ද ඇතුළත් වන අතර එමගින් කොරෝනා එන්නත් මාත්‍රා ලබා ගැනීම සහදා ශ්‍රී ලංකාවට හැකි වනු ඇති.


Jan
5

කොඩිකන්ද ආරණ්‍යයේ හිමිනමගේ අපරාධය පසුපස ආරණ්‍යයේ කුඩා හිමි නමකගේ මව්පියන් සිටින බවට තොරතුරු

Generic placeholder image

කොටදෙණියාව, නාවාන පොදු සුසාන භූමියෙන් හමු වූ පිළිස්සුණු මළ සිරුර තුන්මෝදර, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ බවට උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ දෙනමක් විසින් හදුනා ගනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ එලෙස අත්අඩංගුවට පත් වූවන් අතර ආරණ්‍යයේ වාසය කරන කුඩා හිමි නමකගේ මව සහ පියා ද වන බවයි. එම […]


Jan
5

කොළඹ මහජන පුස්තකාලයේ පාඨක සේවා යළි ඇරඹෙයි

Generic placeholder image

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කොළඹ මහනගර සභාවට අයත් මහජන පුස්තකාලයේ ළමා සහ වැඩිහිටි බැහැරදීමේ පුස්තකාලය නැවත විවෘත කළ බව නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණි දිසානායක මහත්මිය දැනුම් දෙනවා. ඊයේ සිට එම කටයුතු යළි ආරම්භ කෙරුණු අතර සදුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා පාඨකයින් සදහා එය විවෘතව පවතිනවා. රජයේ ප්‍රවෘත්ති […]


Jan
5

සිව්වැනි වරටත් රතන හිමියන් නිල වශයෙන් පාර්ලිමේන්තුවට

Generic placeholder image

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා නම් කෙරුණු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මීට සුළු මොහොතට පෙර දිවුරුම් දුන්නා. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දුන්නේ සිව්වැනි වරටයි. දිවුරුම් දීමෙන් අනතුරුව උන්වහන්සේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සදහා වෙන්කර ඇති මුල් පෙළ අසුනක අසුන් ගත්තා.


Jan
5

හන්තානේ අභිරහස් මරණය සම්බන්ධයෙන් 3ක් අත්අඩංගුවට – කාන්තාවන් දෙදෙනෙකුත් ඒ අතර

Generic placeholder image

මහනුවර, හන්තාන ප්‍රදේශයේ ලැගුම්හලක අභිරහස් ලෙස පුද්ගලයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මිය ගිය පුද්ගලයා ඇතුළු සිව් දෙනෙකු අදාළ ලැගුම්හල වෙත පැමිණ තිබුණේ ඉකුත් 31 වැනිදායි. පසුව පසුගිය 2 වැනිදා තිදෙනෙකු ඉන් පිටත්ව ගොස් තිබුණා. අනතුරුව එම කාමරය පිරිසිදු කිරීමට ගිය කම්කරුවා එහි නාන කාමරයේ තිබූ මළ […]


News Articles
Latest Videos
Most Popular Post