News Line| Off Air
Generic placeholder image

Dec
21

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක්

Generic placeholder image

Facebook ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා‍. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍යය හරහා පැතිර යන විෂමචාර ඇතැම් අවස්ථාවලදී පාලනයක් තිබිය යුතු බවට මතයක් ගොඩනැගී ඇති බවයි. ඊට අදාළ සාකච්ඡා මේ වනවිට අවසන් අදියරේ පවතින අතර ඉදිරියේදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි […]


Dec
21

පොළොන්නරුව සොළොස්මස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ (ඡායාරූප)

Generic placeholder image

පොළොන්නරුව සොලොස්මස්ථානය පූජා භූමියක් ලෙස ඊයේ නම් කළා.‍ සංස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් ඒ බව ප්‍රකාශයට පත් කෙරුණා. ඒ පිළිබඳ වූ සන්නස් පත්‍රය පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේදී සොලොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් වෙත භාර දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වුණා. […]


Dec
21

අද සිට ත්‍රිකුණාමලයේ පාසලුත් වසයි

Generic placeholder image

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් යළි දැනුම් දෙනතරු වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පවසනවා. එම තීරණය ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය නගරය ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හදුනා ගැනීමත් සමගයි.


Dec
21

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

Generic placeholder image

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මධ්‍යම හා ඌව පළාත්වලත් පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය […]


Dec
21

දිස්ත්‍රික්ක දෙකක් සඳහා අද සිට යාවත්කාලීන වන හුදෙකලා තත්ත්වය පිළිබඳ තොරතුරු

Generic placeholder image

අද උදෑසන 5 සිට හුදෙකලා තත්ත්වය අළුතින් පනවන, ඉවත් කරන සහ පවතින තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කෙරුණා. එම තත්ත්වය කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට අදාළ වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරමින් ඊයේ නිකුත් කළ නිවේදනය පහතින් :


Dec
21

නව කොරෝනා මරණ 5ක් – ආසාදිත සංඛ්‍යාව 37,000 පනියි

Generic placeholder image

ඊයේ රාත්‍රී නව කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ ගණන 176 දක්වා ඉහළ ගියා. පනාගොඩ, කොළඹ 08, කොළඹ 12, කොළඹ 02, සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු 5 දෙනෙකු එලෙස මියගොස් තිබුණා. ඔවුන් අවුරුදු 44 සිට 71 දක්වා වන වයස් සීමාවන්වල පසු වූවන්. ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු ඇතුළත් කරමින් රජයේ […]


Dec
20

නිරෝධායන නීති උල්ලංඝනය කළ 1,611ක් අල්ලයි

Generic placeholder image

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 1,611ක්.


Dec
20

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තවදුරටත් වැසෙයි

Generic placeholder image

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23 ක් තවදුරටත් වසා තැබීමට තිරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා සදහන් කරනවා.


Dec
20

සවස් කාලයේ වැසි

Generic placeholder image

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇත. උතුරු,නැගෙනහිර,උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් කළුතර,ගාල්ල,මාතර සහ නුවර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර පළාතේ සහ මාතලේ,නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. […]


Dec
19

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග බෙන්තර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කෙරුණා. බෙන්තර, තුන්දූව ග්‍රාම නිලධාරී වසමෙන් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන […]


Dec
19

නව ආසාදිතයින් 123 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳුණු නව රෝගීන් 123 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 618ක්. එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ […]


News Articles
Latest Videos
Most Popular Post