කිළිනොච්චියේදී බස් රථයකින් ක්ලේමෝ බෝම්බ දෙකක් ගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාට උසස් වීම් සහ විශේෂ ප්‍රදානයන් පිරි නැමීමට තීරණය කළ බව අමාත්‍ය සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම නිලධාරීන්ගේ ක්‍රියාව අගය කරන අතර ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් මෙම […]
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටත් වීම් පර්යන්තයේ මහජන ආලින්දය අමුත්තන් සඳහා යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එය හෙට උදෑසන 9 සිට අමුත්තන් සඳහා විවෘත වනු ඇති. ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසන්නේෙ, එක් ගුවන් මගියෙකුට මහජන ආලින්දය වෙත රැගෙන ආ හැක්කේ එක් අමුත්තෙකු පමණක් බවයි. එමෙන්ම ගුවන් තොටුපල පරිශ්‍රය තුළ මුහුණු ආවරණ […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්දේශකර තිබූ ස්වාධීන කොමිෂන් සභා පහක් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තු සභාව ඊයේ අනුමත කළා. ඒ අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස නිමල් පුංචිහේවා මහතා ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳිගේ මහතා ද, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු මහතා ද […]
මහර බන්ධනාගාරයේ රැඳවියන් කලහකාරී ලෙස හැසිරුණු බවට පළවන මත සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබා ගැනීම සඳහා බන්ධනාගාර ඖෂධාගාරයේ ගබඩාකර තිබූ පෙති වර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශත නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ආරම්භකර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ […]
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද සිට යළි ආරම්භකර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මාසයට අදාළව සංචාරක නිවාස සහ කඳවුරු බිම් කලින් වෙන් කරගත් සංචාරකයින්ට නියමිත දිනවලදී එම සංචාරක නිවාස සහ කඳවුරු බිම්වල නවාතැන් ගත හැකි වනවා. එමෙන්ම පසුගිය […]
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණු විශේසඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා. සෞඛ්‍ය සේවයේ වසර 34ක සහ සෞඛ්‍ය පරිපාලන සේවයේ අවුරුදු 24ක සේවා පළපුරුද්දකින් යුත් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මින් පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා […]
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් 406 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 19,438ක් ලෙසයි. මේ අතර ආසාදිතයින් 6,471 දෙනෙකු රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර අද උදැසන 10 වනවිට කොරෝනා යැයි සැක සහිතව රෝහල්වලට ඇතුළත්කර ඇති සංඛ්‍යාව […]
මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව ලබන සඳුදා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා වෙත භාර දීමට නියමිතව තිබෙනවා. එම බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වයට හේතු වූ කරුණු සොයා බැලීම සදහා අමාත්‍ය අලිසබ්රි මහතා විසින් පසුගිය සඳුදා අදාළ කමිටුව පත් කරන ලැබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් වන අතුරු […]
මහර බන්ධනාගාරයේ පසුගිය 29 වැනිදා ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කර සිටියදී මියගිය රැඳවියන්ගේ සිරුරු බැහැර කරන ආකාරය පිළිබඳ තීන්දුව නිකුත් කිරීම කල් ගියා. ඊට අදාළව මෝසමක් මාර්ගයෙන් කරුණු දක්වමින් අදාළ නඩුව ගොනුකර තිබුණේ, සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවයි. රෝහල්ගත කිරීමෙන් පසු මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා හඳුනා ගැනුණු […]
අමෙරිකානු නව ජනාධිපති වන ජෝ බයිඩන් එරට ජනතාව අමතා ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එනම්, තමන් ජනාධිපතිධූරයට පත්වී පළමු දින 100 ඇතුළත් මුඛ ආවරණ පළඳින ලෙසයි. ඒ තුලින් කොරෝනා ව්‍යාප්තියේ යම් පහල බැසීමක් පෙන්නුම් කරනු ඇති බවට ජනපතිවරයා වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර සිටිනවා. ගතවූ පැය 24 දී පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ […]
අධික වැසි තත්ත්වය හමුවේ ධීවර කටයුතුවල යෙදෙමින් සිටියදී පසු ගිය පළමු වැනිදා අතුරුදන් වූ ධීවරයාගේ මළ සිරුර කරෙයිනගර්, ඌරි වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයාගත් බව පොලිසිය පවසනවා. ඔහු ඉස්සන් ඇල්ලීම සඳහා නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ඇවිදිමින් සිටියදී රළ පහරට හසුව අතුරුදන් වූ බවට පසුගියදා තොරතුරු වාර්තා වුණා. එලෙස මිය ගියේ, වඩුක්කෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 38 […]
පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ අවසන් දිනය මේ මස 12 වැනිදා දක්වා දීර්ඝකර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ එම සේවාවල තනතුරු 12ක පුහුණුවට අභ්‍යාසලාභීන් 1000ක් බඳවා ගැනෙන අතර ඒ සඳහා එම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි. අදාළ තනතුරු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට […]