මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් ගැබිනි මවක් හා අවුරුදු 7 ක හා අවුරුද්දක දැරිවියන් දෙදෙනෙකු බරපතල තුවල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිවියන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. සිද්ධිය පිළිබද වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි..
මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතයමේ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතවම පවතින අතර මන්නාරමට කි.මී. 145 ක් බටහිර දෙසින් ස්ථානගතව පැවතුනි. එය තවදුරටත් දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වන අතර එමගින් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. උතුරු, වයඹසහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් […]
මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ නංවමින් තවත් කොරෝනා මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා. එලෙස මිය ගොස් ඇත්තේ, පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ මරණය පිළිබඳ තොරතුරු පහතින් :
නව ආසාදිතයින් 265 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. අද දිනයේ එම පොකුර ආශ්‍රයෙන් ආසාදිතයින් 517 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරුවලින් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 23,005ක් ලෙසයි. ඒ සමග මෙරට තුළින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 26,555 […]
මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට පිටුවහල් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පැහැදිලි කිරීමේ සටහනක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත යෛාමු කරනු ලැබ තිබෙනවා. හිටපු මහ බැංකු අධිපතිවරයා පසුගිය රජය සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාවේ එක් සැකකරුවෙක් වන අතර ඔහු මේ වනවිට වාසය කරන්නේ සිංගප්පූරුවේයි.
ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එහි සභාපති ධුරය සඳහා නම් කෙරුණේ, අශන්තා ද මෙල් මහතායි. එමෙන්ම චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, එම්.ඒ.ඩ්බ්.ආර් මදුරසිංහ, නිල්මිණී ගුණරත්න, හේමන්ත දේවප්‍රිය සහ එස්.එච්.යූ කර්නින් යන මහත්වරුන් නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් වනවා.
මහනුවර, බෝගම්බර ප්‍රදේශයට අද පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇතැයි මහනුවර මහනගර සභාව පවසනවා. ඒ, එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. අද දිනයේ 13 දෙනෙක් සහ ඉන් පෙර 12 දෙනෙකු වශයෙන් එලෙස ආසාදිතයින් හඳුනා ගැනුණා. එමෙන්ම මහනුවර මහනගර සභාවේ බෝගම්බර පිහිටි කාර්යාලය ද මෙම තත්ත්වය හේතුවෙන් මීට […]
මන්නාරමබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් දිවයිනෙන් පිටතට ගමන් කරමින් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 50 – 60ත් වන අතර විටින් විට එය පැයට කිලෝ මීටර 70 දක්වා ඉහළ යා හැකි බවයි. ඒ හේතුවෙන් එම […]
තවත් කොරෝනා ආසාදිතයින් 252ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන දැක්වෙන්නේ 26,290ක් ලෙසයි.
කිළිනොච්චිය, පූනරීන් ප්‍රදේශයට දින ගණනක සිට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග අරුවි ආරු ඔය පිටාර ගැලීමෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ අනුව කිළිනොච්චියේ පුනරීන් ප්‍රදේශයේ ස්ථාන දෙකකට කොටු වී සිටින පුද්ගලයින් 131 දෙනෙකු බේරා ගැනීම සදහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යෙදවීමට පියවර ගැනුණා. ඒ, කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරියගේ ඉල්ලීමකට අනුවයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සුරේෂ් ද මෙල් මහතා පත්කර තිබෙනවා. මින් පෙර එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ, ප්‍රභාෂ් සුබසිංහ මහතා වන අතර ඒ මහතා පසුගිය සතියේ එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.
මහනුවර සහ අකුරණ යන ප්‍රදේශවල පාසල් 50ක් තවදුරටත් වසා තැබීමට තීරණයකර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා. ඒ අනුව මහනුවර නගර සීමාවේ පාසල් 45ක් ද අකුරණ ප්‍රදේශයේ පාසල් 5ක් ද ලබන 11 වැනිදා දක්වා වසා තැබෙනු ඇති. එම ප්‍රදේශ ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය හේතුවනේ පසුගිය නොවැම්බර් මස 25 වැනිදා සිට අදාළ පාසල් වසා […]