News Line| Off Air
Generic placeholder image

Dec
2

සුළි කුණාටුක් නිසා ඇතිවන ආපදා තත්ත්වයකදී මුහුණ දිය යුතු ආකාරය මෙන්න

Generic placeholder image

වසර ගණනාවකට පසු සුළි කුණාටුක් ශ්‍රී ලංකාවට ඇතුළු වන අතර ඒ අනුව හදිසි සුළි කුණාටුක් නිසා ඇති වන ආපදා තත්ත්වයකදී මුහුණ දිය යුතු ආකාරය පිලිබදව යම් අවබෝධයක් ඇති කරගැනීම වැදගත්. අද රාත්‍රී කාලය වන විට මෙම සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට නියමිත බව පැවසෙන අතර හැකිතාක් ගෘහස්ථව රැඳී සිටිමට වගබලා ගත යුතු අතරආරක්ෂාව සඳහා ශක්තිමත් […]


Dec
2

චීනයේ වැන්ග් 5 යානය සද මතට සාර්ථකව ගොඩ බස්සයි

Generic placeholder image

චීනයේ වැන්ග් 5 අභ්‍යවකාශ යානය සද පෘෂ්ටය මතට සාර්ථකව ගොඩ බස්සවා ඇති බවට විදෙස් වාර්තා සදහන් කරනවා. ලැන්ඩර් යානය මගින් සද මත මීටර් දෙකක් පමණ ගැඹුරින් සිදුරු කල එහි තිබෙන පාෂාණ ලබා ගැනීමට නියමිත බවද සදහන් වෙනවා. මේ සදහා රොබෝ අතක් යොදා ගැනීම සිදු කරන බව පැවසෙන අතර වසර 40 කට පසු මිනිසුන් රහිත සදේ […]


Dec
2

මහර ගැටුමට සම්බන්ධ 125 කට නඩු

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියට සම්බන්ධ සහ ඊට නායකත්වය ලබා දුන් රැදවියන් 125 දෙනකු හට නඩු පැවරීමට කටයුතු කරන බව පාලන අධිකාරිය සදහන් කරනවා. අදාල සිද්ධියෙන් රැදවියන් 106 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කල අතර රැදවියන් 11 දෙනකු මිය ගොස් තිබෙනවා.


Dec
2

කොළොන්නාව තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකුටත් කොරෝනා

Generic placeholder image

කොළොන්නාව තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකු ටද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ අනුව කොළොන්නාව තැපැල් කාර්යාලය ඇතුළු අවට තැපැල් කාර්යාල කිහිපයක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


Dec
2

පෞද්ගලික බස්රථ හිමියන්ට සහනයක්

Generic placeholder image

පවතින කොරෝනා වෛරසය හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමියන් මුහණ දී ඇති ගැටලු පිළිබඳව තවදුරටත් අවදානය යොමු කරමින් පෞද්ගලික බස්රථ සඳහා මේ මස මුල් සති දෙකක කාලයක් සදහා ලොක් ශීට් සහ පිවිසුම් පත්‍ර ගාස්තු අය නොකරන බව විෂයභාර ආමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සදහන් කරනවා.


Dec
2

කොරෝනා මඩින ෆයිසර් එන්නත බෙදා හැරීම මේ මස 15 වෙනිදා සිට

Generic placeholder image

කොරෝනා මඩින ෆයිසර් එන්නත් මුල්ම තොගය මේ මස 15 වෙනිදා සිට බෙදා හැරීමට කටයුතු කිරීමට හැකි වනු ඇතැයි වාර්තා වෙනවා. මාරාන්තික කොරෝනා වෛරසයෙන් ලෝක ජනතාව මුදා ගැනීම සදහා ලොව පුරා තරගකාරීව එන්නත් නිපදවීම ආරම්භ කෙරුණ අතර එම එන්නත් අතර මෙම ෆයිසර් එන්නත ඉහල සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් ඉදිරියෙන්ම සිටිනවා. මෙම එන්නත් සදහා අනුමහිය ලබා දෙන VRBpac […]


Dec
2

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැඳවියන්ගෙන් 8කට කොරෝනා

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙ දී සිදු වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ බව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. අදාල ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය ගිය අතර තුවාල ලබූ රැදවියන්ගෙන් පිරිසකටද කොරෝනා වෛරසය අසාදනය වී තිබු බවට මිට පෙර හදුනා ගැනුණා.


Dec
2

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 545 ක් දෙනෙක් වන අතර එයින් වැඩිම ආසාදිතයින් වාර්තා වුයේ කොළඹින්. එම ගණන 294ක්. මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36ක් ආසාදිතයින් ඊයේ දිනය තුල වාර්තා වී තිබෙනවා. විදෙස් ගතව මෙරටට පැමිණි පුදගලයින් 04 දෙනකුද කොරෝනා ආසාදිතයින් වශයෙන් හදුනාගෙන තිබෙනවා.


Dec
2

“බුරවී” සුළි කුණාටුව ශ්‍රී ලංකාව දෙසට

Generic placeholder image

“බුරවී” සුළි කුණාටුව වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහල හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කෙරේ. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවී” සුළි කුණාටුව දෙසැම්බර් 01 ප.ව. 23.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී. 330 ක් නැගෙනහිර ටබරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.1 ත් නැගෙනහිර දේශාංශ […]


Dec
1

පෑලියගොඩ කොරෝනා පොකුර 20,983 දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 273 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 541ක්. එමෙන්ම දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන […]


Dec
1

තවත් කෙරෝනා මරණ 4ක් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා මරණ 4ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා. කොළඹ 12, කොළොන්නාව, රාජගිරිය සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු එලෙස මිය ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 122ක් දක්වා ඉහළ ගියා. අද තහවුරු වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් […]


Dec
1

තවත් කොරෝනා ආසාදිතයින් 268ක් හදුනා ගැනේ

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 268 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 24,255 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 17,817ක්.


News Articles
Latest Videos
Most Popular Post