News Line| Off Air
Generic placeholder image

Dec
1

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දුරස්ථව රාජකාරි කටයුතු මහජනතාවට අඛණ්ඩව සැපයීම ට අදාලව කම්කරු දෙපාර්මේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබෙන සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ඕනෑම ලිඛිත පැමිණිල්ලක් හෝ ලිඛත විමසීමක් තමා සේවය කරන හෝ සේවය කරන ලද ආයතනය පිහිටා ඇති බල ප්‍රදේශයට අයත් කම්කරු කාර්යාල වෙත යොමු කළ හැකි බව දන්වා […]


Dec
1

තවත් බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් මිය යයි

Generic placeholder image

මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.


Dec
1

අර්ජුන ඔබේසේකර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස පත්වීම් ලබයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනවා.


Dec
1

උතුරු කොරියානු නායකයාටත් චීනයෙන් කොරෝනා එන්නතක් ලබා දෙයි

Generic placeholder image

මේ වන විට උතුරු කොරියාවේ නායක කිම් ජොං අන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පර්යේෂණාත්මකකොරෝනා එන්නතක් චීනය විසින් ලබාදී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. කෙසේ වෙතත් මේ වන විට එම පර්යේෂත්මක කොරෝනා එන්නත තවමත් තුන්වන මට්ටමේ පර්යේෂණ අදියරේ පසු වන බවයි වාර්තා වන්නේ. එත් මේ වන විට චීනය එරට පුද්ගලයින් මිලියන ගණනකට ලබා දී තිබෙන […]


Dec
1

අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධි චෝදනා ගොනු කරයි

Generic placeholder image

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතාට සහ තවත් ජ්‍යේෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකුට මෙන්ම රැදවියන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ තිබෙනවා. ඒ, මීගමුව බන්ධනාගාරය වෙත තහනම් භාණ්ඩ ගෙන ඒම සදහා කුමන්ත්‍රණය කිරීම සහ ව්‍යාජ ලියකියවිලි සැකසීම හා භාවිත කිරීම යන චෝදනාවලටයි.


Dec
1

කොරෝනා සුව වූ සංඛ්‍යාව 17,817 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් 257 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගිය බව සෟෙඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 17,817ක් ලෙසයි.


Dec
1

කොරෝනා මරණ ආදාහනය සම්බන්ධ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය වැළදී මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම අනිවාර්යය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද ඒම පෙත්සම කැදවූ අවස්ථාවේදීයි. කොරෝනා වෙෙරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු […]


Dec
1

සුළි කුණාටුවේ බලපෑම නිසා පළාත් කිහිපයකට ඉතා තද වැසි සහ තද සුළං

Generic placeholder image

ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරු 11 පමණ වනවිට ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝ මීටර 500ක දුරින් […]


Dec
1

කාලගුණයේ බලපෑම මත නැගෙනහිර පළාතේ සියලු පාසල් වැසේ

Generic placeholder image

නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට සිට ලබන සිකුරාදා දක්වා වසා තැබීමට පළාත් ආණ්ඩුකාරවරයා තීරණයකර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි ආණ්ඩුකාරවරයා පැවසුවේ.


Dec
1

පෝලන්තයේ රැකියා අපේක්ෂිකයින්ට දැනුම් දීමක්

Generic placeholder image

පෝලන්තයේ රැකියා ලබාගත හැකි බවට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර, රැකියා අපේක්ෂිතයන්ගෙන් වංචනිකව මුදල් ලබා ගැනීමේ ජාවාරමක් හෙළිවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ව්‍යාජ රැකියා නියෝජිත ආයතන මගින් මෙම ජාවාරම සිදුකරන බවට අනාවරණ වී තිබෙනවා. පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ පෝලන්තයේ රැකියා ලබාගැනීමට නම් අනිවාර්යෙන්ම රැකියා බලපත්‍රයක් තිබිය යුතු බවයි. ඒම නිසා […]


Dec
1

කලහකාරී තත්ත්වය අතරතුර මහර රැඳවියන් විවිධ ඖෂධ භාවිතකර ඇති බව හෙළි වෙයි

Generic placeholder image

මහර බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වය අතරතුර රැඳවියන් බන්ධනාගාරයේ ඖෂධාගාරය බිඳ එහි තිබූ විවිධ ඖෂධ වර්ග භාවිතකර ඇති බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා. බන්ධනාගාරයේ 1600ක පමණ රැඳවියන් පිරිසක් එහි දොරවල් කඩා පිටතට පැමිණ තමන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ලෙස පවසා තිබුණා. චන්දන ඒකනායක මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නිලධාරීන් සූදානම් වූ අවස්ථාවේදී රැඳවියන් […]


Dec
1

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

Generic placeholder image

පෙර සැළසුම් කර තිබූ දිනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දැනුම් දෙනවා. ඔහු පැවසුවේ, රට තුළ පවතින තත්ත්වය හමුවේ නියමිත විෂයය නිර්දේෂය ආවරණයකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදු වූ බවයි. ඒ අනුව විභාගය පැවැත්වෙන දිනය සති 6කට පෙර දැනුම් […]


News Articles
Latest Videos
Most Popular Post