News Line| Off Air
Generic placeholder image

Nov
23

ඊයෙත් හමු වූ කොරෝනා ආසාදිතයින් අතර වැඩිම රෝගීන් කොළඹින්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 400ක් හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය. ඉන් පුද්ගලයින් 391ක් දේශීයව හඳුනාගත් අතර අනෙක් 9 විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයින් වනවා. ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන ඒ 121කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 112ක් හා මහනුවරින් ආසාදිතයින් […]


Nov
23

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට

Generic placeholder image

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.


Nov
23

දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් ඝාතනයට ලක් වෙයි

Generic placeholder image

තණමල්විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් ඝාතනයට ලක් ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ අදාල පුද්ගලයාට පොල්ලකින් පහරදීමක් සිදු කර තිබෙන අතර එහිදී බරපතල තුවාල ලබා පොලිසියට ලද තොරතුරක් මත ජංගම සංචාර සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහුව හම්බන්තොටට රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහි දී මෙම පුද්ගලයා මිය ගොස් තිබෙන බවයි […]


Nov
23

IDH රෝහලෙන් පැනයෑමට තැත් කළ තවත් අයෙක් අල්ලයි

Generic placeholder image

කොළඹ IDH රෝහලෙන් පැනයෑමට තැත් කළ තවත් අයෙක් රෝහල් ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන තිබෙනවා. අදාල පුද්ගලයා ඊයේ සවස එම රෝහලේ වහලයෙන් පැනයෑමට උත්සහ දරා තිබෙන ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අයෙක් බවට හඳුනාගෙන තිබෙනවා. 22 හැවිරිදි අයෙකු වන ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පැවසෙන්නේ.


Nov
23

බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද ප්‍රදේශවල පාසල් හැර අන් පාසල් අද ඇරෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගෙන හුදකලා තිබෙන ප්‍රදේශ මෙන්ම බස්නාහිර පළාත හැර අන් ප්‍රදේශ වල පිහිටි රජයේ පාසල් 6 සිට 13 වන ශ්‍රේණී දක්වා අද දිනයේ විවෘත කර තිබෙනවා. මේ අනුව පාසල් 5100ක අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹෙන අතර පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ සියලු පාසල් විවෘත කර තිබෙන බවයි අධ්‍යාපන බලධාරීන් […]


Nov
23

කොළඹ සහ ගම්පහ පොලිස් බලප්‍රදේශ 6ක හුදකලා තත්වයන් ඉවත් කෙරේ

Generic placeholder image

මේ වන විට හුදකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ 6ක හුදකලා තත්වයන් අද අලුයම 5 සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය,කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් බලප්‍රදේශවල ද ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත සහ ජා – ඇළ යන පොලිස් බලප්‍රදේශ ද හුදකලා තතත්ත්වයෙන් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් […]


Nov
23

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි

Generic placeholder image

දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 06 කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉදිරි පැය 30ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතී. මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මස 24 දින වනවිට දිවයිනේ ඊසානදිග වෙරළබඩ ප්‍රදේශ වෙත ලඟා වනු ඇත. නැගෙනහිර, උතුරුසහ උතුරු මැද […]


Nov
22

මෙරටින් තවත් කොරෝනා මරණ 4ක්

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 87ක් දක්වා ඉහළ නංවමින් තවත් සිව්දෙනෙකු මරණයට පත් වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, කොළඹ 15, කොළඹ 12, බොරැල්ල සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරුතුරු ඇතුළත් නිවේදනය පහතින් :


Nov
22

නව ආසාදිතයින් 216ක් හඳුනා ගැනේ – මෙරට සමස්තය 20,000 පනියි

Generic placeholder image

අද මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියා. ඒ, අද රාත්‍රී තවත් නව කොරෝනා ආසාදිතයින් 216 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 16,643ක් වන අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ […]


Nov
22

කොරෝනා මළ සිරුරු බැහැර කෙරෙන්නේ ආදාහනයෙන් ද, භූමිදානයෙන් ද?

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු බැහැර කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පත් කළ විශේෂඥ කමිටුව සිය නිගමනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව එම කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇත්තේ, අදාළ මළ සිරුරු ආදාහනය කරන්නේ ද, භූමිදානය කරන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන තෙක් දැනට ක්‍රියාත්මක […]


Nov
22

“අරලියගහ මන්දිරය වසා දමා නෑ” – අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි

Generic placeholder image

කොරෝනා තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. අග්‍රාමාත්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පැවසුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ කිසිඳු නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි. වසංගත තත්ත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත්කර ඇති උපදෙස්වලට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම, අරලියගහ […]


Nov
22

හෙට පාසල් රැසක් විවෘත කෙරේ – ඒ සඳහා චක්‍රලේඛයක් සහ උපදෙස් සංග්‍රහයක් ද නිකුත් වෙයි

Generic placeholder image

බස්නාහිර පළාතේ සහ හුදෙකලාකර ඇති ප්‍රදේශවල පාසල් හැරුණු කොට පාසල් 5,100කට ආසන්න සංඛ්‍යාවක් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා හෙට සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත සෞඛ්‍ය උපදෙස් අනුව මේ වනවිට නිකුත්කර ඇති […]


News Articles
Latest Videos
Most Popular Post