දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුර ආශ්රයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 12,425ක් දක්වා ඉහළ ගියා. ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයින් 198 දෙනෙකු වාර්තා වීමත් සමගයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම ආසාදිතයින් සියල්ලන්ම පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ නංවමින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ කොළඹ, රත්මලාන සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී අද පස්වරුවේ සිට විරෝධතාවක නිරත වනවා. ඒ, ඔවුන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ කඩිනමින් අවසන්කර සිය නිවෙස් වෙත යාමට ඉඩ දෙන්නැයි ඉල්ලමින්. පවතින වසංගත තත්ත්වය හේතුවෙන් හැකි ඉක්මනින් තමන්ට නිවෙස් වෙත යා යුතු බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇප ලබා දෙන ලෙසත් විරෝධතාවයේ නිරත රැඳවියන් […]
මහමඟ මියගොස් සිටියදී හමු වන පුද්ගලයින්ගේ මරණවලට හේතුව කොරෝනා වෛරසය යැයි විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පතුරුවන්නන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. අද කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එවැනි පුද්ගලයින් සොයා මේ වනවිටත් පරීක්ෂණ ආරම්භකර ඇති බවයි. මේ වනවිට මෙරට සිදුව ඇත්තේ […]
කොළඹ මහනගර සභා සීමාව තුළ නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල දිගු කාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයින් සිටී නම් ඔවුන්ට නිවෙස්වලම රැඳී සිටින් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, අපස්මාරය, හතිය, කොලෙස්ටරෝල්, වකුගඩු රෝග සහ පිළිකා වැනි රෝග එම රෝග අතරට අයත් වන අතර එවැනි රෝගවලට ඖෂධ ලබා ගන්නා පුද්ගලයින් කොරෝනා වෛරසයෙන් […]
මුලතිව් විශ්වමඩු පිහිටි කුඹුරු යායක තිබී පුද්ගල මළසිරුරක් පුදුකුඩිඉරිප්පු පොලීසියට හමුව තිබෙනවා. මිය ගිය තැනැත්තා අවු.41 වයසැති ඉලංකෝපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙක් බවයි වාර්තාවන්නේ. අදාල මිය ගිය පුද්ගලයා මිය යාමට පෙර රාත්‍රියේ කුඹුරට ගොස් ඇති බව පැවසෙන අතර මරණයට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැත.
වෛරසය වැළඳී සුව වූ ගණන 11,000 පසු කරමින් තවත් පුද්ගලයින් 378 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,031 දක්වා ඉහළ ගියා. එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 4,644 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ බැහැර කිරීමට ඇති එකම ක්‍රමය ආදාහනය පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එම සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා තිබෙනවා. එම ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ, කොරෝනා මරණ බැහැර කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී […]
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පකිස්තානු ක්‍රීඩකයෝ තිදෙනෙක් හට එම අවස්ථාව අහිමි වි යන බව වාර්තා වෙනවා. ඒ පකිස්ථානයේ නවසිලන්ත තරග සංචාරය හේතුවෙන්. මේ අනුව සර්ෆර්ස් අහමඩ් , වහබ් රියාස් , මොහොමඩ් හෆීස් යන පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා හට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වී යන අතර ෂොයිබ් මලික් , මොහොමඩ් අමීර්, […]
මේ වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 762 ක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සදහන් කරන ආකාරයට එම බල ප්‍රදේශයන් තුල කොරෝනා රෝගීන් ලෙස ගැබිණි මව්වරුන් 11 දෙනකු හමුව තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කය තුල හමු වූ වැඩිම කොරෝනා රෝගීන් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුල හමුව තිබෙනවා. එම ගණන 116 ක්. එම ප්‍රදේශයන් තුලට […]
ගල්කිස්ස ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී මළ සිරුරක් හමු වූ බව පොලිසිය පවසනවා. ලද තොරතුරක් මත කළ සොයා බැලීමකදී අද උදෑසන අදාළ මළ සිරුර හමු වී ඇති අතර මේ වනවිට එම මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත්කර තිබෙනවා. අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකර ඇති බවයි පොලිසිය පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස, ශ්‍රී ධර්මපාලාරාම ප්‍රදේශයේ පදිංචිව […]
ලිබියානු මුහුදු සිමාවේ සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් මගින් 74 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. සංක්‍රමණිකයින් 47 කගේ ජිවිත බේරා ගැනීමට ලිබියානු වෙරළ ආරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා.