News Line| Off Air
Generic placeholder image

Oct
11

ටයිටන් සබ්මැරීනයේ බවට සැක කෙරෙන සුන්බුන් සහ මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගනී

Generic placeholder image

ටයිටන් සබ්මැරීනයේ බවට සැක කෙරෙන සුන්බුන් සහ මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගත් බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසා තිබෙනවා. එම අමතර කොටස් අමෙරිකාවේ වරායකට ගෙන ගිය බවයි වාර්තා වන්නේ. එසේම එම අස්ථි කොටස් වෛද්‍ය පර්යේෂණ සඳහා යොමු කරන බව ද වාර්තා වනවා. පසුගිය ජුනි මාසයේ දී ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය අවස්ථාවේ ටයිටන් සබ්මැරීනය පුපුරා ගියා. […]


Oct
11

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ දේහය ඔහුගේ නිවසට – අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්

Generic placeholder image

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට කඩවත පිහිටි ඔහුගේ නිවසෙහි තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලනඥයින්, රසිකයින් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) රාගම දී සිදු කිරීමට නියමිතයි.


Oct
11

උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

Generic placeholder image

2023 (2024) උසස් පෙළ විභාගයේ නව කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ නිවේදනය පහතින්,


Oct
10

ඊශ්‍රායල හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 1500 ඉක්මවයි(VIDEO)

Generic placeholder image

ඊශ්‍රායල හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 1500 ඉක්මවා ගොස් තිබෙනවා. දැනට අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක ද ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. එය නිල වශයෙන් සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා නානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කළා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Oct
10

ජැක්සන් අහිමි වුණේ ලංකාවේ අවාසනාවට

Generic placeholder image

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලඥයින්,රසිකයින් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Oct
6

කොල්ලුපිටි​ය බස් ර​ථ අනතුරෙන් පුද්ගලයින් 5ක් මරුට

Generic placeholder image

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.


Oct
6

ඩුප්ලිකේෂන් පාර වැසේ

Generic placeholder image

කොල්ලුපිටියේ බස් අනතුර හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. පොලීසිය රියදුරන්ට දැනුම්දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.


Oct
6

කොල්ලුපිටියේදී බස් රථයකට ගසක් කඩා වැටේ

Generic placeholder image

අද (06) කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දී මගී බස් රථයකට ගසක් කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ අනුව මේ වන විට අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.


Oct
4

ධනිෂ්ක ගුණතිලක යළි දිවයිනට

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක අද (04) දිවයිනට පැමිණියා. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී ව සිටියදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී පසුව ඔහු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා. ඒ අනුව ධනිෂ්ක මාස 11 කට පසුවයි යළි දිවයිනට පැමිණියේ.


Oct
4

සියත පාසල් ජනමාධය වැඩමුළු මාලාවේ තවත් එක් අදියරක් මැදවච්චිය මැදි විදුහලේ දී

Generic placeholder image

සියත මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය මෙරට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම සඳහා විශේෂ මාධ්‍ය වැඩමුළු මාලාවක් ආරම්භ කර තිබෙනවා. එහි තවත් වැඩමුළුවක් පසුගියදා අනුරාධපුර, මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලේ දී පවත්වනු ලැබුවා. මෙම වැඩමුළුව සංවිධානය කළේ, මැදවච්චිය විද්‍යාලයීය පාසල් මාධ්‍ය ඒකකයයි. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Oct
4

ගෑස් මිල සංශෝධනය අද

Generic placeholder image

ගෑස් මිල අද (04) සංශෝධනය කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාව සවස 02 ට පැවැත්වෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරනවා.


Oct
2

ස්පාඤ්ඤයේ සමාජ ශාලා 3ක ගින්නක් – 13ක් මරුට

Generic placeholder image

ස්පාඤ්ඤයේ මර්සියාහි (Murcia) සමාජ ශාලා 3ක හටගත් ගින්නෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වනවා. මර්සියාහි එක් සමාජ ශාලාවක හටගත් ගින්න තවත් සමාජ ශාලා 2කට පැතිර ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. ගින්න හටගන්නා අවස්ථාවේ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් එහි සිට ඇති බවයි වාර්තා වන්නේ . මිය ගිය අය අතර උපන්දින සාදයකට සහභාගි වූ එකම […]


News Articles
Latest Videos
Most Popular Post