News Line| Off Air| Games
Generic placeholder image

Oct
10

ජැක්සන් අහිමි වුණේ ලංකාවේ අවාසනාවට

Generic placeholder image

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලඥයින්,රසිකයින් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Oct
6

කොල්ලුපිටි​ය බස් ර​ථ අනතුරෙන් පුද්ගලයින් 5ක් මරුට

Generic placeholder image

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.


Oct
6

ඩුප්ලිකේෂන් පාර වැසේ

Generic placeholder image

කොල්ලුපිටියේ බස් අනතුර හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. පොලීසිය රියදුරන්ට දැනුම්දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.


Oct
6

කොල්ලුපිටියේදී බස් රථයකට ගසක් කඩා වැටේ

Generic placeholder image

අද (06) කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දී මගී බස් රථයකට ගසක් කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ අනුව මේ වන විට අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.


Oct
4

ධනිෂ්ක ගුණතිලක යළි දිවයිනට

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක අද (04) දිවයිනට පැමිණියා. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී ව සිටියදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී පසුව ඔහු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා. ඒ අනුව ධනිෂ්ක මාස 11 කට පසුවයි යළි දිවයිනට පැමිණියේ.


Oct
4

සියත පාසල් ජනමාධය වැඩමුළු මාලාවේ තවත් එක් අදියරක් මැදවච්චිය මැදි විදුහලේ දී

Generic placeholder image

සියත මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය මෙරට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම සඳහා විශේෂ මාධ්‍ය වැඩමුළු මාලාවක් ආරම්භ කර තිබෙනවා. එහි තවත් වැඩමුළුවක් පසුගියදා අනුරාධපුර, මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලේ දී පවත්වනු ලැබුවා. මෙම වැඩමුළුව සංවිධානය කළේ, මැදවච්චිය විද්‍යාලයීය පාසල් මාධ්‍ය ඒකකයයි. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Oct
4

ගෑස් මිල සංශෝධනය අද

Generic placeholder image

ගෑස් මිල අද (04) සංශෝධනය කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාව සවස 02 ට පැවැත්වෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරනවා.


Oct
2

ස්පාඤ්ඤයේ සමාජ ශාලා 3ක ගින්නක් – 13ක් මරුට

Generic placeholder image

ස්පාඤ්ඤයේ මර්සියාහි (Murcia) සමාජ ශාලා 3ක හටගත් ගින්නෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වනවා. මර්සියාහි එක් සමාජ ශාලාවක හටගත් ගින්න තවත් සමාජ ශාලා 2කට පැතිර ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. ගින්න හටගන්නා අවස්ථාවේ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් එහි සිට ඇති බවයි වාර්තා වන්නේ . මිය ගිය අය අතර උපන්දින සාදයකට සහභාගි වූ එකම […]


Oct
2

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලය කඩා වැටෙයි

Generic placeholder image

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට ආසන්න සංඛ්‍යවක් මිය ගොස් 40කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. එසේම තවත් පුද්ගලයන් 30 දෙනෙකු පමණ දේවස්ථානය තුළ සිර වී ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. මෙලෙස වහලය කඩා වැටී ඇත්තේ ( Cuidad Medero හි Santa Cruz ) සියුඩෑඩ් මෙඩේරෝ හි සැන්ටා කෲස් දේවස්ථානයේයි. මෙම අනතුර සිදු වන […]


Oct
2

ජීවිතේ පළමුවරට චීස් කන දරුවෝ- මේ අගනුවරින් ඇහෙන කඳුළු කතාවක්(VIDEO)

Generic placeholder image

ජීවිතේ පළමු වතාවට චීස් කෑල්ලක් කෑව දරුවෙකු ගැනයි මේ කතාව. මේ දරුවා ලංකාවේ කොළඹ 7. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Sep
27

Google සමාගම 25 වන සංවත්සරය සමරයි

Generic placeholder image

අද Google සමාගම සිය 25 වන සංවත්සරය සමරනු ලබනවා. 1998 සැප්තැම්බර් 27 වනදායි Google නිළ වශයෙන් ආරම්භ කර ඇත්තේ. එදා සිට මේ දක්වා කාලය තුළ Google හි වෙනස්කම් හරහා ගුණාත්මක සේවාවක් ලෝකයට දායාද කිරීමට ඔවුන් සමත් වුණා. පසුගිය වසර 25 තුළ දී ඔවුන්ගේ එම වෙනස්වීමට දායක වූ පාරිභෝගික ප්‍රජාවට Google සමාගම ස්තූතිය පළ කර තිබෙනවා.


Sep
27

ඉරාකයේ උත්සව ශාලාවක ගින්නක්

Generic placeholder image

ඉරාකයේ හම්දනියා ප්‍රදේශයේ උත්සව ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් පුද්ගලයින් 113 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් පුද්ගලයින් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. උත්සව ශාලාව තුළ විවාහ මංගල උත්සවයක් අතරතුරයි මෙම ගින්න හටගෙන ඇත්තේ. අනතුරට හේතුව ගිනි කෙළි දැල්වීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


News Articles
Latest Videos
Most Popular Post