News Line| Off Air| Games
Generic placeholder image

Oct
17

කාසල් රෝහලේ සය දරු උපතක්

Generic placeholder image

දරුවන් අපේ සම්පතයි. වර්තමානයේ දෙමාපියන් දරුවෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් පවුල සීමා කර ගන්නවා. එය රටේ, ළමා හා තරුණ ජනගහණය ක්‍රමිකව අඩු වීමට ප්‍රධාන හේතුවයි. එවන් කාලයකයි පවුලටත් රටටත් සම්පතක් වෙමින් සය දරු උපතක් අද වාර්තා වන්නේ. කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදියී මෙම සය දරු උපත සිදු ව ඇත්තේ. විශේෂත්වය වන්නේ එම දරුවන් සය දෙනාම පිරිමි දරුවන් […]


Oct
16

ගාසා තීරයේ මිලියනයක් කුසගින්නේ

Generic placeholder image

ඊශ්‍රායලය ගාසා තීරයට ලබා දුන් ඉන්ධන, ආහාර ඇතුළු ද්‍රව්‍ය නතර කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා. මේ වන විට ආහාර නැතිව මිලියකයකට වැඩි ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජෝර්දානයේ සිට ඊශ්‍රායලයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ කිරීමේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවක් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. […]


Oct
16

සැකකරුවෙක් පොලිස් වෙඩිපහරින් මරුට

Generic placeholder image

කඳාන පොලිස් වසමේ නිවසකට පැමිණ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවකු සපුගස්කන්ද පොලිස් වසමේ පමුණුවිල, සමිඳු මාවත ප්‍රදේශයේ නිවසක සිටින බවට කඳාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (16) වන අද දින අළුයම් කාලයේදී එම නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. පසුව කඳාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්ද […]


Oct
16

ජනපති චීනයේ සිව් දින නිල සංචාරයක

Generic placeholder image

චීන නිල සංචාරය අරඹමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (15) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වු 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා චීනය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 16 වනදා සිට 20 වනදා දක්වා චීනයේ සිව් දින […]


Oct
13

අති විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

පරිසර අමාත්‍ය ධුරය ජනපති රනිල් වික්‍රමසිංහ යටතට ගනිමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. නසීර් අහමඩ් මීට පෙර පරිසර අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලැබුවා. අධිකරණය ලබා දුන් නියෝගයකින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණා. ඒ අනුව පුරප්පාඩු වූ පරිසර අමාත්‍ය ධූරයයි මෙලෙස ජනාධිපතිවරයා යටතට පවරා ගෙන ඇත්තේ.


Oct
13

දක්ෂිණ අධිවේගයේ පස් ඉවත් කිරීම තවදුරටත්

Generic placeholder image

නායයෑමට ලක්වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.


Oct
12

බෙන්නු ග්‍රහකයේ පස්වල පළමු ඡායාරූප මාධ්‍යට(VIDEO)

Generic placeholder image

ඔසයිරිස් රෙක්ස් යානය බෙන්නු ග්‍රහකයෙන් රැගෙන ආ පස් සාම්පලයේ පළමු ඡායාරූප මාධ්‍යට නිකුත් කිරීමට නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා. ඔසයිරිස් රෙක්ස් යානය මීට දින 17 කට පෙරයි පෘථිවිය වෙත පැමිණියේ. එමඟින් රැගෙන ආ බෙන්නු ග්‍රහකයේ පස් සාම්පල ටෙක්සාස්හි විශේෂ විද්‍යාගාරයක පරීක්ෂා කරනු ලබනවා. දින තුනක විශ්ලේෂණයකින් පසු හෙළි වී ඇත්තේ එම කළු පැහැති පස් තුළ […]


Oct
12

දරුවන් අතර ඇස් රෝගයේ සීඝ්‍ර පැතිරීමක්(VIDEO)

Generic placeholder image

සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අක්ෂි රෝගය හේතුවෙන් දරුවන්ගේ ඇසේ පෙනීමට පවා හානි විය හැකි බව විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර පවසනවා. දිනකට රෝගී දරුවන් 15 දෙනෙකු පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සදහා පැමිණෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Oct
11

ටයිටන් සබ්මැරීනයේ බවට සැක කෙරෙන සුන්බුන් සහ මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගනී

Generic placeholder image

ටයිටන් සබ්මැරීනයේ බවට සැක කෙරෙන සුන්බුන් සහ මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගත් බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසා තිබෙනවා. එම අමතර කොටස් අමෙරිකාවේ වරායකට ගෙන ගිය බවයි වාර්තා වන්නේ. එසේම එම අස්ථි කොටස් වෛද්‍ය පර්යේෂණ සඳහා යොමු කරන බව ද වාර්තා වනවා. පසුගිය ජුනි මාසයේ දී ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය අවස්ථාවේ ටයිටන් සබ්මැරීනය පුපුරා ගියා. […]


Oct
11

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ දේහය ඔහුගේ නිවසට – අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්

Generic placeholder image

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට කඩවත පිහිටි ඔහුගේ නිවසෙහි තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලනඥයින්, රසිකයින් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) රාගම දී සිදු කිරීමට නියමිතයි.


Oct
11

උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

Generic placeholder image

2023 (2024) උසස් පෙළ විභාගයේ නව කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ නිවේදනය පහතින්,


Oct
10

ඊශ්‍රායල හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 1500 ඉක්මවයි(VIDEO)

Generic placeholder image

ඊශ්‍රායල හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 1500 ඉක්මවා ගොස් තිබෙනවා. දැනට අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක ද ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. එය නිල වශයෙන් සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා නානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කළා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post