සූඩානයේ රන් ආකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිස් දෙදෙනෙකු මරණයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ බටහිර කොර්ඩෝනෝන් හිදියි. රන් පතල තුළ 36 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ. එක් අයෙකුගේ ජීවිතය බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත්ව තිබෙනවා. තවත් තුන් දෙනෙකු සොයා මෙහෙයුම් සිදු කරන බව සූඩාන මාධ්‍ය වාර්තා කරනවා.
තවත් කොරෝනා ආසාදිතයින් 419ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 585,005ක් දක්වා ඉහලගොස් තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඊයේ (29) රාත්‍රියේ අදාළ ප්‍රතිඵළ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ආනයනික කිරිපිටි මිල කිරිපිටි ආනයනකරුවන් විසින් සංශෝධනය කර ඇත. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 150කින් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
ඉදිරි දින කිහිපයේ දී පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනස්වීමක් අපේක්ෂා කෙරේ. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම […]
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හදිසි භාවිතය සඳහා අනුමත කර තිබූ මොල්ලුපිරවීර් ඖෂධය ඉන්දියාවේ ද අනුමත කර තිබෙනවා. ඒ අනුව මොල්නුපිරවිර් (Molnupiravir) වයස අවුරුදු 18ට වැඩි කොවිඩ් රෝගීන්ට ලබා දීමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. රෝග ලක්ෂණ ආරම්භ වී දින 05කට අඩු කාලයක් තුළ මෙම ඖෂධය ලබා දිය යුතුයි. එවිට රෝහල් ගත වීමේ අවශ්‍යතාවය 30%කින් අඩුවන […]
රට තුළ යළිත් මැලේරියාව පැතිර යාමේ අවධානමක් මතුව තිබෙනවා. අවසන් වරට මෙරටින් මැලේරිය රෝගියෙකු වාර්තා වී ඇත්තේ 2016 වසරේදී යි. පස් වසරකට පසු මැලේරියා රෝගීන් දෙදෙනෙකු යාපනයෙන් වාර්තා වී ඇති බව මැලේරිය මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කළා.
රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් සඳහා නිරෝධායන කාල සීමාව දින 10 සිට දින 05 කට අඩු කිරීමට අමෙරිකාවේ රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අන් අය සමීපයේ සිටින විට දින 05ක් අවම වශයෙන් මුහුණු ආවරණ පැළදිය යුතු බවයි එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. මේ අතර නව නිර්දේශයක් ලෙස එන්නත්කරණය නොලැබූ හෝ […]
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය තුළ දැඩි සීමාවන් ප්‍රකාශයට පත්කර ඇත. ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමාවන් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව දුරස්ථව වැඩ කිරීම අනිවාර්යය කර ඇති අතර මහජන රැස්වීම් සඳහා ද සීමාවන් පැනවීමට පියවර ගෙන ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. […]
දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා සඳහන් කරයි.