අවුරුදු 12ත් 19ත් අතර විවිධ සංකූලතා සහ නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන දරුවන් සඳහා එන්නත් ලබාදීම අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ රීජ්වේ ආර්යා ළමා රෝහලේ දී.
අද දිනයේ එන්නත්කරණය සිදු කරන මධ්‍යස්ථාන මෙන්න,
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි […]
ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් විසින් ගමන් මලු තුළ සඟවා දිවයිනට රැගෙන ආ කහ තොගයක් ඇතුළු ඖෂධ තොගයක් රේගුව භාරයට ගෙන තිබෙනවා. එහිදී පුද්ගලයින් 30 දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සන්තකයේ තිබී කහ කිලෝ ග්රැම් 472 ක් , එනසාල් කිලෝ ග්රැම් 352 ක් සහ ඖෂධ විශාල තොගයක් හමුව තිබෙනවා.
2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියට පෙර දින නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙරට ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩ සටහන යටතේ මෙරට ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට එන්නත් ලබාගෙන තිබෙන අතර නමුත් යම්තාක් දුරට සමහර දෙනා එන්නත්කරරණයට යොමුවීමට මැලිකමක් දක්වනවා.. ඒ මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ මේ එන්නත් සම්බන්ධව විවිධ මත පැතිර යාම හේතුවෙන්.. නමුත් ඔබ දන්නවා ඇති මේ එන්නත් ලබා ගැනීම හරහා අපට ප්‍රතිශක්තිය […]
තවත් කොවිඩ් මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,448ක් දක්වා ඉහළගොස් තිබෙනවා
කොවිඩ් -19 ආසාදිතයින් 918 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 509,590ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
නිරෝධායන නිති උල්ලංඝණය කළ පුද්ගලයින් 489 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී 29 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
නිදහස් අධ්‍යාපනයේ පියාවන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට වසර 52 කි. මෙම සැමරුම් උත්සවය බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුව අසල දී අද පැවැත්විණි. මෙහි දි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දක්වන ලදී.
කොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ගත් රෝගීන් 16,720 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 451,742 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අදබොරැල්ල පොදු සුසාන භූමියේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව දේහය ආදාහනය කෙරුණි.