තවත් කොවිඩ් මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
කියුබාවේ වයස අවුරුදු 2 ත් 11 ත් අතර වයසේ පසුවන කුඩා දරුවන්ට එන්නත් කිරීම ආරම්භ කර තිබෙනවා. මේ අනුව ‘අබ්දලා’ සහ ‘සොබේරානා’ නැමැති කොරෝනා මර්දන එන්නත් එහිදී භාවිතා කෙරෙන බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,823 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ගැබිනි මව්වරුන් වහාම එන්නත් ලබා ගන්නැයි සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මේ වන විට ගැබිණි මව්වරුන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙන බවයි පැවසෙන්නේ. මේ අනුව ගැබිණි මවුවරුන් මේ වෛරසයෙන් ආරක්ෂා වීම සදහා මෙලෙස එන්නත් ලබා ගැනීම වඩාත් යෝග්‍ය බවයි පැවසෙන්නේ.
අද උදෑසන ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙන අතර එය රිච්ටර් මාපකයේ ඒකක 2.4ක් ලෙස සටහන් වී තිබෙනවා.
ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් 1ක් සඳහා අද සිට රුපියල් 40ක බද්දක් පනවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරනවා
ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්ව්මේදී ගනු ලැබූ තීරණ පහත පරිදි වේ..
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දිය හැකි බව ජනාධිපති ලේකම් දැනුම් දී තිබෙනවා. ඒ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වනවා. අදාල නිවේදනය පහතින්,
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පහතින්,
මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
සබරගමුව සහමධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර […]
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා අතර තෙවන එක්දින තරගය අද සවස 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද තරගයත් ඔබට සජීවීව සියත TV ඔස්සේ නැරඹිය හැකිය..