ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 3, 039 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින් වාර්තා වී තිබෙනවා. එම ගණන 591ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 455 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 437 ක් හදුනා ගෙන තිබෙනවා. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,
රට සම්පුර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර සිටිනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ මේ පිලිබදව වැඩි විස්තර යුධ හමුදාපතිවරයා විසින් මාධ්‍ය වෙත සවස් වරුවේ දැනුම් දෙනු ඇති බවයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ප්‍රධාන නගර 3ක සියලු වෙළඳසැල් වසාදැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මාතලේ නගරයේ වෙළෙඳසැල් සතියක කාලයක් සඳහා වසා දැමෙන අතර සේරුනුවර නගරයේ ද ඌව පරණගම ලූණුවත්ත නගරයේ මෙලෙස වෙළෙද සැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ජපානයේ මේ දක්වා හදුනාගත් වැඩිම දෛනික ආසාදිතයින් පිරිසක් ඊයේ වාර්තා වී තිබෙනවා. එම ආසාදිතයින් ගණන 17,196 ක්. පවතින කොවිඩ් අවදානම හේතුවෙන් දැඩි සීමා පැනවීමටත් බලධාරීන් ක්‍රියා කර තිබෙනවා. මේ වන විට ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් ගණන විසි කෝවි හැට එක් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
කොරෝනා ආසාදිතයින් ඉහළ යෑම හේතුවෙන් ඔක්සිජන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව මැලේසියාවෙන් සහ ඉන්දියාවෙන් එලෙස ඔක්සිජන් ආනයනය කිරීමට තීරණය කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 09ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. මේ අනුව හෙට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ 12,13,14,15 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත් හිටුවනු ඇති.
යුද හමුදා දායකත්වයෙන් අද එන්නත්කරණ සිදු කෙරෙන මධ්‍යස්ථාන පහත පරිදි වේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මැදියම් රැයේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පවතින කොවිඩ් අවදානම හේතුවෙන් අවදානමෙන් මිදීම සදහා දුම්රිය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදීම හේතුවෙන්.
දළදා පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. මේ වන විට පවතින කොරෝනා අවදානම හේතුවෙන් ඇසළ පෙරහර මංගල්‍යය ජන සහභාගීත්වයෙන් තොරව සිදු කෙරේ.
මේ වන විට පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් දකුණු පළාත මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා. මේ අනුව ලබන 16 වනදා සිට සැප්තැම්බර් මස 15වන දින දක්වා මෙලෙස දකුණු පළාත මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත […]
pcr සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා වන උපරිම ගාස්තුව ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.