News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
5

උත්සව සමයේ සාප්පු සවාරි යෙදෙන මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

මෙම දිනවල උත්සව සමයේ සාප්පු සවාරි යෙදෙන මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට යාමේදී සිය මුදල් පසුම්බිය, අත්බෑගය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. විශේෂයෙන් දුම්රිය, බස් රථ ආදී පොදු ප්‍රවාහන සේවාවලදී මෙන් ම බහුලව මහජනයා ගැවසෙන ස්ථානවලදී ස්වර්ණාභරණ කොල්ලකෑම්, අත්බෑග සොරා ගැනීම්, මුදල් පසුබ්මි පැහැර ගැනීම් වැනි […]


Apr
5

51 දෙනෙකුට මරු කැදවූ තායිවාන දුම්රිය අනතුරේ වගකීම භාරගනිමින් එරට ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වීම භාරදෙයි

Generic placeholder image

51 දෙනෙකුට මරු කැඳ වූ දුම්රිය අනතුරේ වගකීම භාරගනිමින් එරට ප්‍රවාහන ඇමති වරයා ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. අදාල ඉල්ලා අස්වීම ලිපිය එරට රජයට භාරදීමට කටයුතු කර තිබුන නමුත් තායිවාන අග්‍රාමාත්‍ය කාර්‍යාලය සදහන් කර තිබෙන්නේ මේ වන විට තව දුරටත් එම සිද්ධියේ මෙහෙයුම් සහ සහන සේවා සඳහා කටයුතු සිදුවන හෙයින් ඒ පිලිබදව සොයා බැලීම […]


Apr
5

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාවට පැළදු කිරුළ ගලවයි

Generic placeholder image

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගය ඊයේ නෙළුම් පොකුණ රගහලේ පැවැත්වුණු අතර එහිදී ජයග්‍රහණය හිමි කරගත් පුෂ්පිකා ද සිල්වා හට පැළදු කිරුළ නැවත ගලවා එම තරගයෙන් දෙවැනි ස්ථනය දිනා ගත් තැනැත්තියට ලබා දීමට හිටපු විවාහක රූ රැජින වන කැරොලින් ජූරි විසින් කටයුතු කරනු ලැබුවා. ඒ එම තරගය නැරඹීමට පැමිණි සියල්ලන් මවිතයට පත් කරමින්. එම අවස්ථාවේ […]


Apr
5

ප්‍රංශය තෙවැනි වරටත් වැසෙයි

Generic placeholder image

ප්‍රංශය තුල නැවතත් කොරෝනා ආසාදිතයින් ඉහළ යෑමත් සමග එරට තෙවැනි වරටත් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ වන විට එරට රෝහල් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. මේ අනුව මාසයක කාලයක් ප්‍රංශය සම්පුර්ණයෙන් ම වසා දැමීමට තීරණය කර තිබෙනවා.


Apr
5

චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද දිනයේ සිට ලබාදීම අරඹයි

Generic placeholder image

චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද දිනයේ සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. ඒ අනුව එම එන්නත චීන ජාතිකයින්ට පළමුව ලබා දීමට පියවර ගෙන තිබෙනවා. චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙරටට ප්‍රදානය කෙරුණා.


Apr
5

දුර ගමන් සේවා බස් රථ වලට අද සිට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවයි

Generic placeholder image

දුර ගමන් සේවා බස් රථ වලට අද සිට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණය කර තිබෙනව. ඒ රියදුරන්ගේ රිය ධාවනය නිරික්ෂනය කිරීම සදහායි. මේ වසර තුල රිය අනතුරු හේතුවෙන් මහමගට මිනිස් ජිවිත විශාල ප්‍රමාණයක් බිලි වී තිබෙනවා.


Apr
5

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා […]


Apr
4

මෙරට තුළ නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවර

Generic placeholder image

මෙරට තුළ නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කරනවා.


Apr
4

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගනී

Generic placeholder image

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර දෙකක පමණ භුමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Apr
3

ගම සමග පිළිසඳර අද ජනපති ප්‍රධානත්වයෙන් උතුරේදී

Generic placeholder image

උතුරු පළාතේ “ගම සමග පිළිසඳර” ප්‍රථම වැඩසටහන වව්නියාව දිස්ත්‍රික්කයේ, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දී පැවැත්වේ. ගැමිහමුව සඳහා බෝගස්වැව මහා විද්‍යාල භූමිය තෝරාගෙන තිබේ. මෙය “ගම සමග පිළිසඳර” වැඩසටහනේ 17 වැන්නයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදේ 10.00 ට ඇරඹෙන සංවාදයට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ […]


Apr
3

පරණ යකඩ බඩු එකතු කරන ස්ථානයක පිපිරීමකින් අයෙක් මරුට

Generic placeholder image

අබිලි ද්‍රව්‍යයක් කැපීමට යාමේදී සිදුවූ පිපිරිමකින් අවිස්සාවේල්ල, මාදොල ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන ස්ථානයක පුද්ගලයෙකු මිය ගොස් තිබේ. තවත් තිදෙනෙකුට තුවාල සිදුව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


Apr
3

දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි ස්වල්පයක්

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණ කොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. උතුරු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මි. 40 පමණ දක්වා වන තරමක් තද සුළං ඇති […]


News Articles
Latest Videos
Most Popular Post