News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
16

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ හා ඉඩම් අමාත්‍ය විෂය පථයන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. අදාළ ගැසට් නිවේදනය පහතින් :


Feb
16

කොවිඩ් ආසාදනය වී මියගිය තවත් 6 දෙනෙක් ගැන තොරතුරු

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 6 දෙනෙකු මරණයට පත් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කළා. එලෙස මියගොස් ඇත්තේ පානදුර, විලඔය, පිළියන්දල, කොච්චිකඩේ, අම්බලන්ගොඩ සහ නයිනමඩම යන ප්‍රදේශවල පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් 6 දෙනෙක්. ඔවුන් අවුරුදු 40ත් 77ත් යන වයස් සීමාවන්වල පසු වූවන්. අදාළ මරණ සමග මෙරට සිදුව […]


Feb
16

නව ආසාදිතයින් 403 දෙනෙකු කොවිඩ් රෝගීන් අතරට එක් වෙයි

Generic placeholder image

කොවිඩ් වෛරසය වැළඳුණු තවත් රෝගීන් 403 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 756ක්. එලෙස හඳුනා ගැනුණු නව ආසාදිතයින් 403 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව 77,184 දක්වා ඉහළ ගියා.


Feb
16

ඉන්දියාවේ ප්‍රකට රංගන ශිල්පී සන්දීප් නහාර් දිවි නසා ගනියි (වීඩියෝ)

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ ‘එම්. එස්. දෝනි ද අන්ටෝල්ඩ් ස්ටෝරි’ සඳහා රංගනයෙන් දායක වූ ප්‍රකට ඉන්දීය රංගන ශිල්පී සන්දීප් නහාර් දිවි නසා ගෙන තිබෙනවා. මුම්බායි පොලිසිය එම දිවි නසාගැනීම තහවුරු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. දිවි නසා ගැනීමට පෙර සමාජ මාධ්‍ය ජාලයක ඒ සම්බන්ධයෙන් […]


Feb
16

අද මන්ත්‍රීවරුන් 19 දෙනෙකු කොවිඩ් එන්නත ලබා ගනියි – කිහිප දෙනෙක් ප්‍රතික්ෂේප කරයි

Generic placeholder image

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට අද ලබා දුන් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, තිස්ස අත්තනායක, හර්ෂණ රාජකරුණා, පී. දිගම්බරන්, දිලිප් වෙදආරච්චි, මයන්ත දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මොහොමඩ් මුසම්මිල් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එන්නත ලබා ගැනීම සඳහා පැමිණ සිටියා. කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු […]


Feb
16

තවත් ආසාදිතයින් 353ක් හඳුනා ගනියි – 1018කට සුවයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 353 දෙනෙකු අද හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 76,781ක් දක්වා ඉහළ ගියා. මේ අතර වෛරසය ආසාදනය වී සිටි රෝගීන් 1018 දෙනෙකු සුවය ලබ අද රෝහල්වලින් පිටව ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ ගණන […]


Feb
16

රොෂාන් රණසිංහ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට

Generic placeholder image

ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවනු ලැබූ රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්කර තිබෙනවා. ඔහු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා.


Feb
16

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනට තවත් ධුරයක්

Generic placeholder image

ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩබලන සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීයි.


Feb
16

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදියෙකුගේ පියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ පියා ලබන මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළා. ඒ අදාළ පුද්ගලයාට එරෙහි පැමිණිල්ල අද මහෙස්ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ එම සිද්ධිය සහ බෝම්බකරුගේ […]


Feb
16

“ෆුල් ෆේස් හෙල්මට් භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්න එපා” – නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

Generic placeholder image

සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ආරක්ෂිත හිස් වැසුම් භාවිත කරන යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණයට මෙම දැනුම් දීමකර තිබුණේ, නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල් පාරින්ද රණසිංහ මහතායි. වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරුවෙකු ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එම දැනුම්දීම සිදුකර තිබුණා. 2017 වසරේ අංක […]


Feb
16

පියාසර කිරීමට හැකි ලොව ප්‍රථම මෝටර් රථය එළි දකියි

Generic placeholder image

පැයට සැතපුම් සියයක වේගයෙන් ඉහළ යා හැකි දෙමුහුන් මෝටර් රථයක් සඳහා ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) අනුමැතිය ලබා දී තිබෙනවා. අදාළ මෝටර් රථය ගුවනේ පියාසර කිරීම මෙන්ම මාර්ගයේ ධාවනය කිරීමට ද හැකි වීම හේතුවෙන් එය දෙමුහුන් මෝටර් රථයක් ලෙස නම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ වන විට මෙම මෝටර් රථය ධාවනය නියමුවන්ට සහ […]


Feb
16

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත් දීම ආරම්භ වෙයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භකර තිබෙනවා. එය මේ වනවිට නාරහේන්පිට යුද හමුදා රෝහලේදී සිදු වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම අද සිට බන්ධනාගාර නිලධාරීන් 5,100 දෙනෙකු සඳහා ද බන්ධනාගාර පුහුණු පාසලේදී එම එන්නත ලබා දීම ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post