නිසි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව නීතිපති අද (20) සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නා. ඒ අනුව ඒ සඳහා විරෝධතා ඇත්නම් ලබන මාර්තු මස 10දාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන […]
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ සදහා සංචාරක අමත්‍යංශය,සංචාරක සංවර්ධන අධිකාරිය සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම යන ආයතනයන් වල ඉහළ නිළධාරින් ඇතුලත් වන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මෙරට සංචාරක ව්‍යාපාරය මුහුණපා […]
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු තවදුරටත් පෙබරවාරී 3 වන දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් ඊයේ (19) පස්වරුවේ පැය 05ක පමණ කාලයක් කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. නීතිපතිවරයාගේ නියෝගකට අනුව විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමානායක මහතා සමඟ අධිකරණ කටයුතු පිළිබඳ ආන්දෝලාන්තමක දුරකථන සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ගිහාන් පිලපිටිය මහතාගෙන් ප්‍රකාශ […]
කොරෝනා වෛරස් රෝගී තත්වයක් චීනයෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව එම වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළ සෞඛ්‍ය ඉතා අවධානයෙන් පසු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව විශේෂයෙන්ම චීනයේ සිට සෙම්ප්‍රතිෂ්‍යාව සහිතව පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බවයි වාර්තා වන්නේ.
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ තරගය අවසානයෙදී පළමුව පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 02 කට ලකුණු 189 ක් රැස්කර ගෙන සිටි අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණඩායම වෙනුවෙන් ලහිරු කුමාර සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු එක බැගින් හිමි කරගැනීමට සමත් වුණා.
ජල ගාස්තු ඉහල දැමීම පිලිබදව රජයේ අවධානය යොමුව තිබෙන බව විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ජල ඒකක 15ට වඩා පරිභෝජනය කරන පුද්ගලයින්ගේ ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමුව ඇති බවයි. කෙසේ වෙතත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ ජල ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභී ජනතාවට […]
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත අතර එහිදී පක්ෂයේ පවතින අර්බුද පිලිබදව අවසන් තිරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සදහන් කරන්නේ අද ලැබෙන තීරණය කුමක් වුව ද, එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කර […]
ලොව විශාලතම නිවුන් පුද්ගල හමුව අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තිබෙන බව ශ්‍රී ලංකා නිවුන් සංගමය සදහන් කරනවා. එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ මීට සහභාගීවීමට කැමැත්තෙන් පසුවන ඕනෑම වයස් කාණ්ඩයක නිවුන් පුද්ගලයින් සිය ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැදුනම්පතේ පිටපතක් රැගෙන අද පෙරවරු 10. 00ට […]
දිවයින පුරා අද දිනයේත් වැසි තත්ත්වය තරමක් දුරට වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි දින කීපයේ දී නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 70 – 80 ට වැඩි තරමක් තද වැසි ඇති වන බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වනවා.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ යුරෝපා සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදි එම කොමිසමේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළද හා සන්නිවේදන ප්‍රධානී ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඩ් (Thorstenbargfarde) මහතා සඳහන් කළේ 2023 දක්වා එම බදු සහනය ලබාදීමට තීරණය කළ ද එහි නිරික්ෂණය ක්‍රියාවලියේ වෙනසක් නොමැති බවයි. […]
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ තහනම් කලාපයේ නීති විරෝධිව රැඳී සිටිමින් ගුවන් මඟීන්ට බලපෑම් සිදු කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එම සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවා. ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තය අසල තහනම් කලාපයේ දේශිය හා විදේශිය ගුවන් මඟීන්ට බාධාවන […]