පස් කඳු කඩා වැටිමෙන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට යථා තත්වයට පත්කර තිබෙනවා. දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ මහතා සියත ප‍්‍රවෘත්තී වෙත සඳහන් කලේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා දුම්රිය ධාවන කටයුතු අද සිට යලි සාමාන්‍ය පරිදි සිදු වන බවයි.
කෙසේ වෙතත් අද දින කොලඹ බදුල්ල අතර රාත‍්‍රි තැපැල්දුම්රිය පමණක් ධාවනය නොවන බව ඔහු සඳහන් කළා. හෙට සිට රාත‍්‍රි තැපැල් දුම්රියද සාමාන්‍ය පරිදි ධාවනය කිරිමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ.
උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතර පස් කඳු සහ ගල් පර්වත කඩා වැටීම හේතුවෙන් පසුගිය 29 වනදා සිට දුම්රිය ධාවන කටයුතු සීමාකෙරුණා. ඒ අනුව කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය සිදු වුනේ නැහැ.
2017/12/03| SIYATHA FM TOP STORY – 04:00 PM