අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමන්‍ය පෙළ විභාගයට සම්බන්ධ පෞද්ගලික උපකාරක පන්ති හා දේශන පැවැත්වීම ඇතුළු ඒ ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් හෙට (06) මධ්‍යම රාත‍්‍රී සිට තහනම් කර තිබෙනවා.එම තහනම විභාගය අවසන් වනතෙක් බලපැවැත්වෙනවා.
මේ යටතේ විභාග අපේක්ෂකයින් සඳහා පන්ති මෙහෙයවීම, විෂයානු බද්ධ දේශන, සම්මන්ත‍්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමානප‍්‍රශ්න ඇතුළත් ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණයකිරීම හා ඒවා බෙදාහැරීම, ද සම්පූර්ණයෙන් තහනම්. යම් ආයතනයක් හෝ පුද්ගලයෙකු එම නියෝග නොතකා ක‍්‍රියා කළහොත් එම තැනැත්තා හෝ ආයතනයට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ.
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙල විභාගය ලබන 12 වනදා ආරම්භ වනවා. විභාගය දෙසැම්බර් මස 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. දිවයින පුරා මධ්‍යස්ථාන 5,116 කදී එම විභාගය පැවැත්වෙනවා.
2017/12/05| SIYATHA FM TOP STORY – 09:00 AM