News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

ඇත්දළ කොටස් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට.

570 Views


ඇත්දළ කොටස් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට.

ඇත්දළ කොටස් 07 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් ලද තොරතුරක් මතයි වැටලීම සිදුකර ඇත්තේ. සැකකරුවන් 37 සහ 38 හැවිරිදි වියේ පසුවන මීගලෑව සහ ගිරිබාව ප‍්‍රදේශවල පදිංචිකරුවන්. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද ගල්ගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගජමුතු 03 ක් රුපියල් ලක්ෂ 50 කට අලෙවි කිරිමට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඒ ආණමඩුව ප‍්‍රදේශයේ දීයි. මෙම ගජමුතු, ඝාතනයට ලක්වූ ගල්ගමුව ප‍්‍රදේශයේ සැරිසැරූ “දල පූට්ටුවා” ලෙස හඳුන්වන හස්තියාගේ දැයි සොයා පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

“දළ පූට්ටුවා” ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ සිදු වන බව තිරසර සංවර්ධන හා වනජීවිී අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පැවසුවා. අමාත්‍යවරයා සඳහන් කලේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල්පිතිගම සොරොව්වැව රක්ෂිතයේ තිබී සොයා ගත් ඇතාගේ මළ සිරුර, අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවගේ බව තහවුරු වුනේ පසුගිය 30 වනදායි. මෙම හස්තියා අත් තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කරන්නට ඇති බවට අණාවරණය වී තිබෙනවා.

2017/12/07| SIYATHA FM TOP STORY – 11:00 AM


News Articles
Latest Videos
Most Popular Post