News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

දුම්රිය රියදුරන් හතරවෙනි දවසටත් ගෙදර.

620 Views


දුම්රිය රියදුරන් හතරවෙනි දවසටත් ගෙදර.

දුම්රිය වර්ජනය අද සිව්වන දිනටත් ක‍්‍රියාත්මක වෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික රුවන් මහතා සඳහන් කළේ, අද දවසේදී සියලූ දුම්රිය වෘත්තිය සමිතිවල සහාය ඒ සඳහා ලබා ගන්නවා කියලා. අද උදේ කාර්යාල දුම්රිය 9 ක් පමණ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. ඒ මහනුවර, පොල්ගහවෙල, රඹුක්කන, මහව, මාතර, හලාවත, අවිස්සාවේල්ල, අලූත්ගම යන ප‍්‍රදේශ හා කොළඹ කොටුව දක්වා.

හෙට ඉදන් ප‍්‍රධාන මාර්ගවල කාර්යයාල දුම්රිය ධාවනය කිරීමට නියමිතයි. දුම්රිය වර්ජනය හේතුවෙන්, දෛනිකව රුපියල් මිලියන 12 කට අධික මුදලක් රජයට අහිමි වෙනවා කියලා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි වාණිජ අධිකාරි එන්.ජේ. ඉදිපොලගේ මහතා කිව්වේ දෛනිකව දුම්රිය ගමන් වාර 350 ක් පමණ ක‍්‍රියාත්මක වෙනවා කියලා. ඒ වුනත් වර්ජනය නිසා එම ගමන් වාර ගණන 20ත් 25 ත් අතර ප‍්‍රමාණයක් දක්වා පහළ වැටිලා තියෙනවා.

ධාවනය වන සියලූදුම්රියවලට පොලිස් ආරක්ෂාව යොදාවලා තියෙනවා කියලා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලා. වර්ජනය නිසා සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතු වලට මේ වනවිට දැඩි බාධා ඇති වෙලා තියෙනවා. මේ අතර, නියමිත සේවා මුරය සඳහා අද වාර්තා කරන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයින්ට දැනුම් දීලා තියෙන්නේ. එහෙම සේවයට වාර්තා නොකරන සේවකයින් ගැන හෙට දිනය තුළ අදාළ අංශ මගින් තොරතුරු ලබා ගන්නවා කියලත් දුම්රිය දෙපාර්තුමේන්තුව කියනවා.

සේවයට වාර්තා කරන්නැයි දන්වා අංශ ප‍්‍රධානීන් මගින් සියලූ සේවකයින්ට ලිපි නිකුත් කිරිමට පියවර අරන් තියෙනවා.
ලිපි නිකුත් කරලා පැය 24 කින් පසු රාජකාරියට වාර්තා නොකරන සේවකයින්, සේවය අතහැර ගියා සේ සළකා කටයුතු කරනවා කියලා පුවාහන අමාත්‍යවරයා සදහන් කළා.

දුම්රිය වර්ජනය අවසන් වනතුරු මගී ජනතාවගේ පහසුව සඳහා අමතර ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ යෙදවීමට පියවර අරගෙන තියෙනවා.
ඒ නිසා බලපත‍්‍ර නැති බස් රථ වලට අධිවේගී මාර්ග වල ධාවනයට ද අවසර දීලා තියෙනවා. වහාම ක‍්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිතුමා ගැසට් නිවේදනයට අත්සන් තබා තැබුවේ පසුගිය 07 වනදා. ඒ වුනත් තවදුරටත් වර්ජනය ක‍්‍රියාත්මක බවයි දුම්රිය රියදුරන්ගේ සංගමය කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post