රජයේ රෝහල්වල පස්වරු 4.00 න් පස්සෙත් අක්ෂි සැත්කම් සිදු කරන්න සැළසුම් සකස් කර තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කලේ, අක්ෂි රෝහලේ දී ආරම්භ කෙරුණු අක්ෂි ආබාධ සහිත වයෝවෘධ පුද්ගලයින් 160 කට අක්ෂි සැත්කම් සිදු කිරීමේ වැඩපිළීවෙලට එක්වෙමින් රජයේ රෝහල්වලින් නොමිලේ අක්ෂි සැත්කම් සිදුකර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම නිසා මේ පියවර අරගෙන තියෙනවා.
විශ‍්‍රාමික අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් ද සහභාගි කරවා ගනිමින් ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සහ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ මෙන්ම පෞද්ගලික රෝහල්වල ද අක්ෂි සැත්කම් සිදු කරනවා. ජංගම අක්ෂි සැත්කම් සිදු කිරීමේ වැඩපිළීවෙළක් ද මේ වනවිට ක‍්‍රියාත්මක වෙනවා. සියලූ අක්ෂි සැත්කම් මේ වනවිට නොමිලේ සිදු කරන අතර ඒ සදහා හොදම අක්ෂි කාච රෝහල්වලට ලබාදී තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වසරේද ආනයනය කළ අක්ෂි කාච සංඛ්‍යාව ලක්ෂයක්. 2018 වසර සදහා අක්ෂි කාච එක්ලක්ෂ 50 000 ක පමණ ඉල්ලූමක් පවතින බව ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සදහන් කළා.