News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

දුම්රිය වර්ජනයේ අලුත්ම තත්වය මෙන්න.

1434 Views


දුම්රිය වර්ජනයේ අලුත්ම තත්වය මෙන්න.

දුම්රිය කියන්නේ ලංකාවේ මගී ජනතාවගේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍යක්. හැබැයි මේ දවස්වල ලංකාවේ කෝච්චි වැඩවර්ජනය කරනවා. අැත්තම කිව්වොත් දුම්රිය සේවකයින් තමයි මේ ස්ට්‍රයික් එක කරන්නේ.

අද 5 වෙනි දවසටත් ඔවුන් මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනවා. මේ නිසා දුම්රියේ වැඩට යන අය නම් කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. හෙට ඉඳන් සාමාන්‍ය පෙළ විභාග පටන් ගන්නවා. එ් නිසා ළමයින්ටත් වර්ජනය නිසා අලි මදිවට කොටි වගේ වැඩක් වෙලා තියෙන්නේ. සිසුන් සහ මඟීන් ගැන හිතලා දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් විදියට ගැසට් කරා. එ්ත් දුම්රිය සේවකයින් නම් සේවයට වාර්තා කලේ නෑ.

වැඩ වර්ජනය ක්‍රියාත්මක වුනත් මානුෂීය හේතුන් මත දුම්රිය 16 ක් ක්‍රියාත්මක වෙනවා කියලා වෘත්තීය සමිති කියනවා. කොහොම වුනත් දැන්ම නම් වර්ජනය අවසන් වෙන පාටක් පේන්න නෑ. දුම්රිය වර්ජනයේ අලුත්ම තොරතුරු එසැනින් දැනුම් දෙන්න සියත 24 සූදානමින් ඉන්නවා.

 


News Articles
Latest Videos
Most Popular Post