ඉඩමක් අරන් ගෙයක් දොරක් හදන එක කාගෙත් හීනයක්. හැබැයි ගම්මානයක් මිලදී ගන්න හීනයක් ඔබට තියෙනවාද? දැන් ඔබ අහවි ගම්මාන කොහෙද විකුණන්න තියෙන්නෙ කියලා.
ජර්මනියේ ගමක් පහුගිය දවසක වෙන්දේසි කරා. ගමේ නම “අැල්වයින්”. ජර්මනියේ නැගෙනහිර ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. බරලින් නගරයේ ඉඳලා කිලෝමීටර් 120 ක් දුරින් තමයි මේ ගම තියෙන්නේ. අැමරිකානු ඩොලර් 125,000 කට තමා මේ ගම වෙන්දේසි වුනේ. මේ ගමේ ඉන්නවා කියන්නේ 20 ක් වගේ පිරිසක්.
නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය විදියට වෙන්වෙලා තිබ්බ කාලයේ කොමියුනිස්ට් අදහස් තිබ්බ ගමක් විදියට තමයි සැලකිලා තියෙන්නේ. දැනට අවුරුදු 27 කට කලින් නැගෙනහිර සහ බටහිර ජර්මනි එකතු වුනාම මේ ගම හුදකලා වෙලා. අදටත් අැල්වයින් ගමේ ජීවත් වෙන්නේ වයසක අය විතරයි. කොහොම වුනත් මේ ගම මිලදී ගත්තේ කවුද කියලා වාර්තා වෙලා නෑ. ඔහු දුරකතනයෙන් තමයි ලංසුව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබටත් ගමක් මිලදී ගන්නවා කියලා හිතුනා නම් ටිකක් හොයලා බලන්න. තව කොහේ කොහේ හරි ගම්මාන වෙන්දේසි කරන්න දාලා අැති.