News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

ඉන්දුනීසියාවේ ජාවා දුපත්වල ප්‍රබල භූමිකම්පාවක්.සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

2684 Views


ඉන්දුනීසියාවේ ජාවා දුපත්වල ප්‍රබල භූමිකම්පාවක්.සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

ඉන්දුනීසියාවේ ජාවා දූපත වෙරළාසන්නයේ ප‍්‍රබල භූ කම්පනයක් ඇති වෙලා තියෙනවා. භූ කම්පනයේ ප‍්‍රබලත්වය රිච්ටර් පරිමාණයේ 6.5 ක්. මේ භූ කම්පනය ජකර්තා අගනුවර ඉදන් කිලෝමීටර් 300 ක් විතර දුරින් තියෙන නගර කිහිපයකටත් බලපාලා තියෙනවා. නිවාස හා ගොඩනැගිලි රැසක් මේ නිසා කඩා වැටිලා තියෙනවා. ජිවිත හානි ප්‍රමාණය තාමත් වාර්තා වෙලා නෑ.

භූ කම්පනය සමඟ ජාවා දුපතේ වෙරළ ආසන්න ප‍්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඉන්දුනීසියාව පිහිටලා තියෙන්නේ පැසිපික් ගිනි වළල්ලේ. භූ කම්පන අවදානම් කලාපයක් වෙන මෙහි නිතරම භූ කම්පන සිද්ධ වෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් 07 වන දා සුමාත‍්‍රාවේ අචේ ප‍්‍රදේශයේ සිදුවු භූ කම්පනයකින් පුද්ගලයන් සියයකට අධික පිරිසක් මිය ගියා. 2004 අවුරුද්දේ ශ‍්‍රී ලංකාවට බලපෑව සුනාමි ව්‍යසනයට හේතු වුනෙත් ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දූපත් වල සිද්ධ වුන භූමිකම්පාවක්. කොහොම අද සිද්ධ වුන භූමිකම්පාවෙන් ලංකාවට කිසිම බලපෑමක් නෑ.


News Articles
Latest Videos
Most Popular Post