News Line| Off Air
Generic placeholder image

Dec
18

හිතාගන්නවත් බැරි ගාණකින් තේ මිළ අඩුවෙන ලකුණු…- EXCLUSIVE

2097 Views


හිතාගන්නවත් බැරි ගාණකින් තේ මිළ අඩුවෙන ලකුණු…- EXCLUSIVE

රුසියාවෙන් අපේ රටේ තේ වලට පැනවූ තහනමත් එක්ක තේ දලු කිලෝවක මිල රුපියල් 30ත් 40ත් දක්වා මිල පහළ යන්න පුළුවන් කියලා කුඩා තේ වතු හිමියන් කියනවා. කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහතා සියත ප‍්‍රවෘත්ති අංශයට කිව්වේ දැනට තේ දලු කිලෝවක මිල රුපියල් 100 මට්ටමේ තියෙන බවයි.

ලංකාව තේ ඇතුලු කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනයට රුසියාව පනවපු තාවකාලික තහනම අද ඉඳන් ක‍්‍රියාත්මකයි. මේ තහනම අයින් කරන එක ගැන තවත් සාකච්ඡාවක් අද කැඳවලා තියෙනවා. රුසියාවේ ශ‍්‍රී ලංකා තේ මණ්ඩල නියෝජිතවරයා සහ එරට ආහාර ප‍්‍රමිති ආයතන නියෝජිතයින් අතර තමයි අද සාකච්ඡාව තියෙන්නේ. රුසියාවේ පැවැත්වෙන මේ සාකච්ඡාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ද සහභාගී වෙන්න නියමිතව තියෙනවා.

ලංකාවේ තේ වලට පනවලා තියෙන තාවකාලික තහනම ඉවත් කරන්න කියලා, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පැවසුවා. අදාළ තේ අපනයන සමාගමට එරෙහිව ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නවා කියලත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කලා.

රුසියාව අපේ රටෙන් ආනයනය කරන තේ වලට තහනමක් පනවනු ලැබුවේ පසුගිය 14 වනදා. ඒ ශ‍්‍රී ලංකාවෙන් ආනයනය කළ තේ ඇසුරුමකින් කෘමියෙකු හමුවීම නිසා. රුසියාවේ තේ නිෂ්පාදන බෙදා හරින්නන් සිදුකළ පැමිණිල්ලක් නිසා තමයි මේ තිරණය අරගෙන තියෙන්නේ. රුසියානු තේ වෙළඳපොළට 23% ක දායකත්වයක් ලබාදෙන්නේ ශ‍්‍රී ලංකාව. ගතවුන අවුරුද්දේ මාස 9 තුළ තේ කිලෝග්‍රෑම් මිලියන 25ක් රුසියාවට අපනයනය කරලා තියෙනවා. ශ‍්‍රී ලංකාව ඒකෙන් උපයාගත්ත ආදායම රුපියල් බිලියන 19ක්.


News Articles
Latest Videos
Most Popular Post