News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

පාසල් විෂයමාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කරන්නේ නෑ. – අධ්‍යාපන අමාත්‍යංශය සහතිකවෙයි.

1661 Views


පාසල් විෂයමාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කරන්නේ නෑ. – අධ්‍යාපන අමාත්‍යංශය සහතිකවෙයි.

පාසල් විෂයමාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කරන්න තීරණය කර ඇති බවට පලවන වාර්තා සාවද්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කලේ ඒ වගේ කිසිම තීරණයක් අරගෙන නෑ කියලයි. සති අන්ත පුවත්පතක පල වූ වාර්තාවක් නිසා මේ නිවේදනය නිකුත් කරලා තියෙනවා.

එම පුවත්පත් වාර්තාවේ දක්වලා තියෙන්නේ පින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමයේ ඉතිහාස විෂය නැති නිසා මෙරට පාසල් විෂය මාලාවේ ඉතිහාසය විෂය ද ඉවත් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමුකරලා තියෙනවා කියලා. විෂයමාලා සකස් කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීමක් කියලයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

අධ්‍යාපනඥයින්ගේ සක‍්‍රීයදායකත්වය ලබාගනිමින් පර්යේෂණාත්මක තොරතුරු පදනම් කරගෙන වසර අටකට සැරයක් විෂයමාලා නවීකරණය හෝ සංශෝධනය කරනවා කියලත් සඳහන් වෙනවා. ඒ අනුව ඉතිහාසය විෂය කප්පාදු කිරීම හෝ ඉවත් කිරීමට කිසිම තීරණයක් අරගෙන නෑ කියලයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ


News Articles
Latest Videos
Most Popular Post