News Line| Off Air
Generic placeholder image

Dec
20

නත්තල සමරන්න රාජ්‍ය සේවකයන්ට බෝනස් ලැබෙන්නේ මෙහෙමයි.

882 Views


නත්තල සමරන්න රාජ්‍ය සේවකයන්ට බෝනස් ලැබෙන්නේ මෙහෙමයි.

අවුරුද්ද අන්තිම වෙද්දි ජොබ් කරන හැමෝම බලන් ඉන්නේ බෝනස් ලැබෙනකන්. සමහරුන්ට අත කට පිරෙන්න බෝනස් ලැබුනට සමහරුන්ට නම් පඩියෙන් විතරක් සැනසෙන්න වෙනවා. එ් වුනත් රාජ්‍ය සංස්ථා සහ රජයේ සමාගම්වල සේවකයින්ට නම් ඊයේ සුභ අාරංචියක් ලැබුණා.

එ් තමයි මුදල් අැමතිතුමා ඔවුන්ට බෝනස් දෙන්න තීරණය කරලා තියෙනවා. රුපියල් 15,000 ක උපරිමයක ඉඳලා රුපියල් 3,000 ක අවමයක් දක්වා කණ්ඩ 4 ක් යටතේ ඔවුන්ට බෝනස් ලැබෙනවා. ගිය අවුරුද්දේ පාඩු ලබලා මේ අවුරුද්දේ ලාබ ලබපු අායතනවල සේවකයන්ට රුපියල් 13,500 ක බෝනස් එකක් දෙනවලු. ගිය අවුරුදදේ පාඩු ලැබුවත් මේ අවුරුද්දේ පාඩුව අඩු කර ගත්ත අයට රුපියල් 5,000 ක බෝනස් එක්ක ලැබෙනවා. හැබැයි ගිය අවුරුද්දෙත් පාඩු ලබලා මේ අවුරුද්දෙත් පාඩුව අඩු කරගන්න බැරිවුන අායතනවල සේවකයන්ට නම් බෝනස් ලැබෙන්නේ රුපියල් 3,000 ක් විතරයි.


News Articles
Latest Videos
Most Popular Post