මෙවර නත්තල වෙනුවෙන් සුළු වැරදි සහ දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගත වුන 510 කට ජනාධිපති පොදු සමාව හිමිවෙලා තියෙනවා.
මේ අනුව බන්ධනාගාරගතව සිටින කිතුණු සිරකරුවන්ට අද පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තම ඥාතින්ට හා එක්ව කතා බස් කිරීමේ අවස්ථාවක් ලැබෙනවා. මේ අතර කිතුණු සිරකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියළුම බන්ධනාගාර ආශ්‍රිතව දේව මෙහෙයන් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.