News Line| Off Air
Generic placeholder image

Dec
25

2018 අප්‍රේල් වෙනකන් අත්‍යවශ්‍ය ආහාර වර්ග 7ක මිල ස්ථාවරයි.

3355 Views


2018 අප්‍රේල් වෙනකන් අත්‍යවශ්‍ය ආහාර වර්ග 7ක මිල ස්ථාවරයි.

උත්සව සමය්දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 7ක මිල ස්ථාවරව පැවැතිය යුතු බව ජීවන වියදම් අනුකමිටුව පහුගිය දවසක තීරණය කළා.

ඒ අනුව සම්බා කිලෝව රුපියල් 71 ටත්, නාඩු සහල් කිලෝව රුපියල් 74 ටත්, ලොකු ලූණු කිලෝව රුපියල් 135 ටත් තිබිය යුතු වෙනවා. සීනි කිලෝ එකක් රු. 100 ට, අර්තාපල් කිලෝව රුපියල් 139 ට, සැමන් ග්‍රෑම් 425 රුපියල් 127 ට, පරිප්පු කිලෝ ග්‍රෑමය රුපියල් 124 ට සහ හාල් මැස්සන් කිලෝව රුපියල් 515 ලෙස ස්ථාවරව පැවැති යුතු බව එම කමිටුව තීරණය කරලා තියෙනවා.

මෙම මිල ගණන් යටතේ ලංකා සතොස මගින් හා සුපිරි අලෙවිසල් මගින් මෙම භාණ්ඩ ලබා ගත හැකියි. ඒ වගේම සමහර වෙළෙඳසල්වල මේ මිල ගණන්වලටත් වඩා අඩුවෙන් මෙම භාණ්ඩ ලබාගත හැකි බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ වගේම මෙම ආහාර වර්ග 07 මිල ලබන 2018 අප්‍රේල් මස දක්වාම ස්ථාවර මිලක පවත්වාගෙන යන ලෙසත්, ජීවන වියදම් කමිටුව සතොස ඇතුළු අනෙකුත් අලෙවිසල්වලට දන්වා ඇති බව අමාත්‍යාංශය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post