සුනාමි ඛේදවාචකය සිදුවෙලා අදට (26 දාට) අවුරුදු 13 ක් වෙනවා. මේක නිමිතිකරගෙන එහි සැමරුම් වැඩසටහනක් අද උදේ 9ට ගාල්ල තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්වෙනවා.
අවුරුදු 13 කට කලින් සිදුවුන මේ මහා ඛේදවාචකයෙන් ජීවිතක්‍ෂයට පත්වුන සියලු දෙනා සිහි කිරීම සඳහා, අද පෙරවරු 9.25 සිට 9.27 දක්‌වා විනාඩි දෙකක කාලයක් නිශ්ශබ්දතාව රකින්න කියලා රජය ජනතාවගෙන් ඉල්ලනවා.
2004 දෙසැම්බර් 26 වැනිදා ඉන්දුනීසියාවේ සුමාත්‍රාහි බටහිරට ප්‍රදේශයේ භූමිකම්පාවක් සිද්ධ වුනා. එක රිච්ටර් මාපක 9.3 ක ප්‍රබලත්වයකින් යුක්ත වුනා. මේ භූමි කම්පාව නිසා මුහුදු රළ ගොඩ බිම දෙසට ගලා ඒම හේතුවෙන් ශ්‍රී ලාංකිකයෝ 35,000 ක් පමණ මියගියා.
දිස්‌ත්‍රික්‌ක 13 ක ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 57 කට මෙම සුනාමි උවදුර බලපෑවා. මේ හේතුවෙන් පුද්ගලයන් ලක්‍ෂ 10 ක් පමණ පීඩාවට පත්වී, නිවාස ලක්‍ෂයක් පමණ විනාශයට පත් වුනා.මේ නිසා ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 3,800 ක පමණ හානියක් සිදුවූ බවට ගණන් බලලා තියෙනවා.