News Line| Off Air
Generic placeholder image

Dec
27

“මට කිව්වේ නෑ. මම දැන ගත්තෙත් Media වලින්.” – ගුවන් අධ්‍යක්ෂ මණ්ඩලය අස්වීම ගැන ඇමති කබීර් කියන අමුතු කතාව.

750 Views


“මට කිව්වේ නෑ. මම දැන ගත්තෙත් Media වලින්.” – ගුවන් අධ්‍යක්ෂ මණ්ඩලය අස්වීම ගැන ඇමති කබීර් කියන අමුතු කතාව.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 6 දෙනෙකු ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.

අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ඉවත් වීම පිළිබද තමන් දැනුවත් වුණේ මාධ්‍ය හරහා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එම ඉල්ලා අස්වීම විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට හෝ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුවත් කිරීම නිසි ක‍්‍රමවේදය බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 6 දෙනෙකු පසුගිය 24 වනදා සිය තනතුරු වලින් ඉල්ලා අස්වුණා.

රඛිත ජයවර්ධන, චානකද සිල්වා , ජෝෂප් රාජන් බ‍්‍රිටෝ, නෙරංජන්ද සිල්වා, මහින්ද හාරදාස සහ සුනිල් පීරිස් යන මහත්වරුන් ඒ අතරට අයත්.

එම ගුවන් සමාගම ප‍්‍රතිව්‍යූහ ගත කිරීමේ පළමු පියවර ලෙස තමන් ඉල්ලා අස්වූ බවයි ඔවුන් එහිදී සදහන් කලේ.

ශ‍්‍රි ලංකන් හා මිහින් එයාර් ගුවන් සේවා සම්බන්ධයෙන් ජනපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කලේ පසුගිය 23 වනදායි. එම කොමිසම ජනවාරි මුල් සතියේ පත් කිරීමට නියමිතයි. මේ අතර ශ‍්‍රි ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීමට ජපන් ගුවන් සමාගමක් කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post