News Line| Off Air
Generic placeholder image

Dec
31

හෙට ඉදන් පොලිතීන් භාවිතා කලොත් වෙන දේ මෙන්න.

2392 Views


හෙට ඉදන් පොලිතීන් භාවිතා කලොත් වෙන දේ මෙන්න.

ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම අසුරණ සහ ෂොපින් බෑග් භාවිතය සහ අලෙවිය හෙට සිට සම්පූර්ණයෙන් තහනම් වෙනවා.
ඒ නිසා ලන්ච්ෂීට් ආනයනය, නිෂ්පාදනය හා විකිණීමත් තහනම්. භාණ්ඩ මිලදී ගනිද්දී ලබාදෙන සිිලිබෑග් ඇතුලූ පොලිතින් මලු භාවිතයත් හෙට ඉදන් තහනම්. ඒ වෙනුවට පරිසර හිතකාමී ඇසුරුම් විතරයි භාවිතා කරන්න පුළුවන්. විවෘත භූමි ප‍්‍රදේශයන් වල පොලිතින් සහ ප්ලාස්ටික් පිළිස්සීම ද තහනම් කියලයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ. දේශපාලන, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනයම් උත්සව අවස්ථාවලදී ද සැරසිලි සදහා පොලිතින් යොදා ගන්න බෑ.

මේ නීති කඩ කරන පුද්ගලයින් සොයා හෙට ඉදන් වැටලීම් කි‍්‍රයාත්මක කරනවා. ඔවුන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග පුළුවන් කියලත් මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කළා. පොලිතීන් තහනම සම්බන්ධ වැටලීම් හෙට සිට ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කලේ පසුගිය අගෝස්තු මස 22 වනදා. පොලිතීන් ආශ‍්‍රිත කර්මාන්තවල නිරතවන අයට විකල්ප හඳුන්වා දී ඔවුන් ඒ වෙත යොමු කරන්න කාලය දීලා තිබ්බේ හෙට වෙනකන් විතරයි.

දිරාපත් වන අමුද්‍රව්‍ය යොදා ගනිමින් පොලිතීන් සදහා ආදේශක ද මේ වනවිට වෙළඳපොලට නිකුත් කරලා තියෙනවා. පොලීතීන් සහ ප්ලාස්ටික් හේතුවෙන් හටගෙන ඇති පරිසර ගැටලූවලට පිළියමක් ලෙස රජය විසින් මෙම පියවර ගෙන තිබෙනවා. ලංකාවේ දිනකට භාවිත වූ ආහාර දවටන සහ පොලිතින් මලූ සංඛ්‍යාව මිලියන 20 කට වැඩියි.


News Articles
Latest Videos
Most Popular Post