News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

වතු කම්කරුවන්ගේ වැටුප ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය

493 Views


වතු කම්කරුවන්ගේ වැටුප ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය

වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් දහසක් කිරීම පඩි පාලක සභා හරහා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය මේ තීන්දුවට එළඹ තිබේ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම වත්මන් ආණ්ඩුවේ පොරොන්දුවක් බැවින් එය වහාම ඉටු කළ යුතු බව ඇමැතිවරුන් පෙන්වා දුන් අතර ජනාධිපතිවරයා ද ඊට එකගතාවපළ කර තිබේ.

වතු ක්ෂේත්‍රයේ සාමූහික ගිවිසුම් නිසා අවම වැටුප රුපියල් දහසක් කිරීමේ ගැටලුවක් පවතින අතර සේව්‍ය පක්ෂය අකැමැති නම් පඩි පාලක සභා හරහා එම් තීන්දුව ක්‍රියාත්මක කළ හැකි බව එම පත්‍රිකාවෙන් කරුණු දක්වා තිබේ.

මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබාදීමට සතියක කාලයක් ඉල්ලා ඇති බව මෙහිදී දැනගත් පසු ජනාධිපතිවරයා මේ කැබිනට් මණ්ඩලයේදීම එය අනුමත කළ යුතු බව පවසා තිබේ. ඒ අනුව පඩි පාලක සභා හරහා හෝ වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් කිරීමේ තීන්දුවට කැබිනට් මණ්ඩලය එකග වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post