අනුරාධපුර – පදවිය ප්‍රදේශයේ තණබිම් නොමැතිව ආහාර හිගයෙන් ගවයින් 500 කට අධික ගණනක් මිය ඇති බව එම ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරී බන්දුසිරි මහතා සදහන් කරනවා.
දැඩි වර්ෂා තත්වය හේතුවෙන් එම ප්‍රදේශය ජලයෙන් පිරි යාම නිසා ඊට හේතු වී ඇත්තේද රක්ෂිත ප්‍රදේශයන් තුල අනවසර වගා කටයුතු කිරීමයි. මේ හේතුවෙන් තෘණ බිම් ගවයින්ට අහිමි වී තිබෙන බවයි ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් සදහන් කරන්නේ.