News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

බැඳුම්කර වාර්තාව ගැන එජාප මතය එළි දකියි. රවී ඇතුළු 4 කට වැඩ වරදියි.

1480 Views


බැඳුම්කර වාර්තාව ගැන එජාප මතය එළි දකියි. රවී ඇතුළු 4 කට වැඩ වරදියි.

බැඳුම්කර බෝම්බය නිසා මැති අැමතිවරු කිහිප දෙනෙක්ටම තුවාල වුනා. එ් අතරින් ප්‍රධානම කෙනා තමයි හිටපු අැමති රවී කරුණානායක. බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව රවීට නඩු දාන්න කියලා ජනාධිපතිතුමාත් කිව්වා.

එ් වගේම අර්ජුන් අැලෝසියස්ට කෝල් ගත්තා කියලා තවත් අැමතිවරුවරු කිහිප දෙනෙක්ගේ නම් හෙළිවුණා. හැබැයි කොමිසම දුන්න වාර්තාවේ නම් එ් ගැන කිසිම සඳහනක් තිබ්බේ නෑ. එ් නිසා තමන්ට මඩ ගහන්න හිතා මතා කරපු වැඩක් කියලා ඔවුන් චෝදනා කරනවා.

රාජ්‍ය අාමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, හර්ෂණ රාජකරුණා සහ හෙක්ටර් අප්පුහාමි යන අයට තමයි මේ චෝදනා එල්ල වුනේ. තමන්ගේ දුරකතන වාර්තා ගන්න කිව්වේ කවුද කියලා හොයන්න කියලා ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාට සහ කතානායකවරයාට පැමිණිලි කරනවාලු.


News Articles
Latest Videos
Most Popular Post