News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

වරිපනම් ගාස්තු ගෙවීම සහ රජයේ සේවා රැසක් පෙබරවාරි 01 දා සිට Online වෙයි.

3852 Views


වරිපනම් ගාස්තු ගෙවීම සහ රජයේ සේවා රැසක් පෙබරවාරි 01 දා සිට Online වෙයි.

ජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත‍්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත‍්‍ර අනුමත කර ගැනීම ආදී අංශ සදහා වන ගෙවීම් ඔන්ලයින් ක‍්‍රමය මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ICTA ආයතනය ඒකාබද්ධවයි මෙය ක‍්‍රියාත්මක කරනු ලබන්නේ.

මෙමඟින් මහජනතාවට තම කාලය වැඩිපුර වැය නොකර, දුරකථන, ජංගම දුරකථන හෝ ණයපත් භාවිත කර තම නිවසේ සිටම ගෙවීමට පහසුකම් සැලසෙනු ඇති.

ඒ ආශ‍්‍රිතව සිදුවෙමින් පැවති දූෂණ සහ අක‍්‍රමිකතා ද අවම කිරීමට ඒ අනුව හැකි වනු ඇති බවයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ.

ලබන පෙබරවාරි 01 දා සිට තෝරාගත් පළාත් පාලන ආයතන 30ක මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ වසරේදීම තවත් පළාත් පාලන ආයතන 50ක් දක්වා එම වැඩසටහන ව්‍යාප්ත කිරීම රජයේ අරමුණයි. මෙම ක‍්‍රමවේදය ඔස්සේ ගෙවීම් සිදු කිරීමට අපහසුතා ඇති අය සඳහා අදාළ පළාත් පාලන ආයතන 30හි ඔන්ලයින් ක්‍රමවේදයට ගෙවීම සඳහා ගෙවිම් කවුළුවක් ද විවෘත කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post