ගබඩාගත රුධිර හිගයක් ඇති විය හැකි බැවින්, කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් ගබඩාගත රුධිර ප‍්‍රමාණය අඩු වී ඇති බවයි.
සෑම වසරකදීම ජනවාරි සිට අපේ‍්‍රල් මාසය දක්වා කාලය තුල රුධිරය පරිත්‍යාග කිරීම අවම වන බව ද ඒ මහතා පෙන්වා දෙනවා.
ඒ හේතුවෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ළඟම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිරය පරිත්‍යාග කරන ලෙසයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, ඩෙංගු රෝගයට සමාන රෝග ලක්‍ෂණ සහිත උණ රෝගයක් මේ දිනවල පැතිරෙමින් තිබෙන බව වෛද්‍යවරු පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ දරුවන් අතර මෙම උණ රෝගය වැඩි වශයෙන් පවතින බව අනාවරණ වී ඇති බවයි.
දින 02 කට වඩා උණ පවතියි නම් වහාම වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු වන ලෙස, වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවට දැනුම් දී සිටිනවා.