News Line| Off Air
Generic placeholder image

Aug
24

කොවිඩ්වලින් ආරක්ෂා වෙන්න පෝෂ්‍යදායි ආහාර ගන්න – වෛද්‍යවරුන් කියයි

816 Views


කොවිඩ්වලින් ආරක්ෂා වෙන්න පෝෂ්‍යදායි ආහාර ගන්න – වෛද්‍යවරුන් කියයි

කොවිඩ්වලින් ආරක්ෂා වීම සදහා පෝෂ්‍යදායි ආහාර ගැනීම අතවශ්‍ය කරුණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා සඳහන් කළේ,

“මේ වෛරසයට විශේෂ බෙහෙතක් නෑ. අපිට තියෙන ඒකම විසඳුම අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න ඒක තමයි. අපේ මානසික සෞඛ්‍ය පවා බලපානවා මේකට. උදේ, දිවා, රාත්‍රී ආහාර නොවරදවාම ගන්න. අපේ ආහාර වේලට ප්‍රධානවම තියෙන්න අවශ්‍යයි පිෂ්ඨය සහිත ආහාර. විටමින්.. ඒවා ලැබෙන්නේ එළවළු පළතුරුවලින්. විටමින් C ප්‍රතිශක්තියට ගොඩාක් වැදගත්. දවස පුරා එළවළු වර්ග 3ක්වත් ගත්ත ද කියලා බලන්න. ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. බිස්කට්, කේක් නැත්නම් පැණිරස කෑමවර්ග..මේවාවල පෝෂ්‍ය සංඝටක ගත්තොත් ගොඩාක් නරකයි. පළතුරු, කිරි, ඇට වර්ග අතරමැද ගන්න පුළුවන්.” යනුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post