එළැඹෙන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
සැප්තැම්බර් මැද වන විට අවුරුදු 30ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලැසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා පවසන අතරශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රීස් මාර්කෙලෝ මහතා ඊයේ (26) අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර තිබෙනවා.