News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

දරුවන්ට වැලඳෙන MIS – C නැමැති නව රෝගී තත්ත්වයක්

677 Views


දරුවන්ට වැලඳෙන MIS – C නැමැති  නව රෝගී තත්ත්වයක්

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දරුවන්ට වැළදෙන MIS – C නමැති රෝගී තත්වයක් වාර්තා වෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසන්නේ මේ රෝගී තත්වය කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන්ට සති 2-6ත් අතර කාලයෙන් පසුව වාර්තා වන බවයි පැවසෙන්නේ.

මේ පිලිබදව වැඩි දුරටත් වෛද්‍යවරයා සදහන් කරන්නේ,

කොරෝනා වැලඳිලා සති 2ත් 6ත් අතර කාලයකට පසුව විශේෂයෙන්ම ළමයින්ට වැලඳෙන Multisystem inflammatory syndrome in children එහෙම නැත්නම් MIS – C කියන මෙම රෝගී තත්ත්වය වැලඳුණු ළමුන් 45 දෙනෙකුට අධික සංඛ්‍යාවකට රිජ්වේ ආර්යා ළමා රෝහලේ අපි ප්‍රතිකාර ලබාදීලා තියෙනවා. මේ මොහොතේදී මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් 4 දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ලංකාව පුරාම තැනින් තැන මේ රෝගය මතුවෙනවා. ඒ වගේම දැන් දැන් අපි දකිනවා අලුත ඉපදුණු දරුවන්ට ඉපදුණු වහාමත් මෙම රෝගී තත්ත්වය මතුවෙනවා. කොරෝනා හැදුනට පස්සේ ඒ දරුවාගේ ඇඟේ තියෙන ප්‍රතිදේහ අපේම ඇඟේ වෙන වෙන අවයවවලට බලපානවා. හදවතට, වකුගඩුවලට, පෙනහළුවලට, අක්මාවට බලපානවා. විශේෂයෙන්ම හෘදයවස්තුවට බලපාලා රුධිර පීඩනය අඩුවෙලා මියයන්නට පවා ඉඩ තියෙනවා. නිසි ප්‍රතිකාර ලබාදුන්නොත් සම්පූර්ණ සුවය ලබන්නත් පුළුවන්. අපේ රෝහලේ එක දරුවෙකු විතරයි මියගියේ. යම් දරුවෙකුට උණ, තදබල බඩේ කැක්කුම, වමනය, පාචනය, ඇස් රතු පැහැවීම, සමේ දද වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු හමුවෙලා රෝගය පරීක්ෂා කරගන්න. මවට කොරෝනා වැලඳුණහොත් ඒ මවගේ ඇඟ තුළ ඇතිවන ප්‍රතිදේහ දරුවාට යනවා. ඒ ආකාරයෙන් තමයි දරුවාගේ අවයවවලට බලපාන්නේ. ඒ රෝගීන්ගෙන් දැඩි සත්කාර ඒකකයත් පිරිලා තියෙන්නේ. ඒකෙ තේරුම.. කොරෝනාවලින් අසාධ්‍ය වෙලා ඉන්න තවත් දරුවෙක්ව අපට භාරගැනීමේ හැකියාවක් මේ වනවිට නෑ.” යනුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post