News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
15

මෙරට තරුණතරුණයින් දහසකට ජපානයේ රැකියා

727 Views


මෙරට තරුණතරුණයින් දහසකට ජපානයේ රැකියා

මෙරට තරුණතරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපලවල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ. ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත මීට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට සූදානම් කරන බව අද (15) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට සම්බන්ධ වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ගුණසේකර මහතා පැවසීය.

මෙම සාකච්ඡාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකාවේ තරුණ පිරිසකට ජපානයේ රැකියා අවස්ථා දහසක් ලබා දීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කෘතඥතාව පළ කළේය. මෙම රැකියා අවස්ථා සඳහා තෝරා ගනු ලබන තරුණ පිරිසට විදේශ සේවා නියූක්ති කාර්යාංශය සමඟ එක්ව අවශ්‍ය භාෂා පුහුණුව හා අදාළ වෙනත් පුහුණු අවශ්‍යතා සපුරා දිය හැකි බව ද අමාත්‍යවරයා කිවේය.

මෙම සාකච්ඡාවට ජපානයේ ගොවිපල හිමිකරුවන් සමඟ ශ්‍රී ලංකා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ද සහභාගි වූහ.


News Articles
Latest Videos
Most Popular Post