News Line| Off Air
Generic placeholder image

Sep
21

සුජීවට තානාපති තනතුරක්

720 Views


සුජීවට තානාපති තනතුරක්

මෙවර ටෝකියෝ උළෙලේ සංවිධායක මඩුල්ල නියෝජනය කල එකම ශ්‍රී ලාංකිකයා වූ සුජීව ජයන්ත විජයනායක මහතාට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය මගින් ජපානයේ BRAND Ambassoder තනතුර පිරිනමා තිබෙනවා.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති මෙම උත්සවයට ගරු තානාපති සංජිව ගුණසේකර මහතා නියෝජ්‍ය තානාපති ගරු චන්දන වීරසේන මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ ගරු සභාපති ජගත් රාමනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

තානාපතිතුමා විසින් ටෝකියෝ ඔලිම්පික්හි දැක්වූ විශේෂ දක්ෂතා අගයමින් කතාවක් ද පැවැත්වූ අතර විශේෂ සිහිවටනයක් ද මෙහිදී පිරිනමන ලදී.

නව පත්වීමත් සමග සුජීව අදහස් දක්වමින් පවසා සිටියේ මෙතෙක් වසර 15 කට වැඩි කාලයක් ජපානයත් ශ්‍රී ලංකාවත් අතර පවත්වාගෙන ආ ඒ මිත්ත්‍රත්වය නව පත්වීමත් සමග දෙගුණ තෙගුණ කරගනිමින් ශ්‍රී ලංකාවට කිතියක් ගෙන දීමට සැදී පැහැදී සිටින බවයි. ඒ වගේම මෙම තනතුර පිරිනැමීම පිලිබදව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටත් , ජපානයේ ශ්‍රී ලංකා ව්‍යපාරික සංගමයටත් විශ්ෂ ස්තුතිය පුද කරන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටියා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වූ සුජීව විජයනායක මහතා 2006 වර්ෂයේ උසස් අධ්‍යාපනය සදහා ජපානයට ගොස් එතැන් සිට සෙඉ ලංකාවට අන්තර්ජාතික සම්බන්ධතා ගොඩ නගමින් සිටින සරින් ලාංකිකයෙකි.


News Articles
Latest Videos
Most Popular Post