රටක් ලෝකයක් දැන් හදුනන ගායිකාවක් ලෙස යොහානි ද සිල්වා හැදින්විය හැකිය.. ඇයට ලෝකයක් ආදරය කරන්නට පටන් ගත්තේ මැණිකේ මගේ හිතේ COVER song එකක් සමගයි.. කෝටිය ඉක්මවා ගිය ප්‍රේක්ෂක නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමි මෙම ගීතය නිසාවෙන් ඇය ජාත්‍යන්තරය පවා ජයගෙන ඇත..
මේ වන විට යොහානි ඉන්දීය සංගීත අවකාශයට ද ප්‍රවිෂ්ට වී ඇති අතර අද දිනයේ ඇය ඉන්දියාවේ ප්‍රසංග දෙකකට සහභාගී වීම මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා. ඇය ඒ සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දී ශ්‍රී ලංකන් airline වෙතින්ද ඇයට සුභාශිංසන පිරිනැමුවා.


