ඉන්දීය T20 කණ්ඩායමේ වත්මන් නායක වීරත් කෝලි ලෝක කුසලාන තරගාවලියෙන් පසු T20 නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබුණා. මේ වන විට ඔහු ඉවත්වීමෙන් පසු හිස්වන එම තනතුර සදහා රෝහිත් ශර්මා සුදුසු බවට බොහෝ දෙනා මත පළ කරනවා.
ඒ පිලිබදව අදහස් දක්වමින් හිටපු ප්‍රවීණ ක්‍රිඩක සුනිල් ගවස්කාර් සදහන් කරන්නේ, මීළඟ නායකත්වය සඳහා සුදුසුම ක්‍රිඩකයා වන්නේ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා බවයි.