ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක ලෙස විරාට් කෝලි ඉකුත්දා ප්‍රකාශ කර සිටියා ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමන් විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වන බව. ඒ සදහා ඔහු නිශ්චිත හේතුවක් දක්වා නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් බොහෝ මත ප්‍රකාශ කර තිබුණා..
කෙසේ වෙතත් මේ වන විට කෝලි නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කල හේතුව ලෙස නායකත්වයේ දුර්වලතා හේතුවෙන් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් කෝලි පිලිබදව අප්‍රසාදයෙන් සිටින බවත් ඒ අතර උප නායක අජින්ක්‍යා රහනේ, චෙතෙස්වර් පුජාරා සහ රවිචන්ද්‍රන් අශිවින් කෝලි සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙනවා.
මේ හේතුවෙන් එරට ක්‍රිකට් බලධාරීන් විසින් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින්ගෙන් ද විමසීමක් සිදු කර ඇති අතර එහිදී ක්‍රීඩකයින් බොහොමයක් ඔහු ගැන අප්‍රසාදය පල කර තිබෙන බවයි වාර්තා වන්නේ.