News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
30

2021 T20 ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය සියතට

622 Views


2021 T20 ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය සියතට

ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ආස කරන ක්‍රීඩාවක්.. ජාති ආගම් භේදයකින් තොරව අපි ඉතා උනන්දුවෙන් නරඹන ක්‍රීඩාවක්.. මේ වසරේ ද ඔක්තෝම්බර් මාසයේ පැවත්වීමට නියමිත අයිසීසී ලෝක කුසලාන 20 යි 20 තරගාවලිය සදහා මේ වන විට සියලු කටයුතු සුදානමින් පවතී.. මෙවර 2021 T20 ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය සියත අප සහෝදර නාලිකාවට හිමිව තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ පාලන අධිකාරිය වන, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් මෙම තරගාවලිය සංවිධනය කරනු ලබනවා.

පන්දුවාර විස්සයි20 තරග ආරම්භය 2003 වර්ෂය දක්වා ඈතට දිවයන අතර 2003 ජූනි 13 දිනදී පළමුවන නිල විස්සයි20 තරග පැවැත්වුනේ විස්සයි20 කුසලාන වෙනුවෙන් ඉංග්‍රීසි ප්‍රාන්ත අතරයි.. මේ අනුව පන්දුවාර 20යි 20 මෙම තරග ආකෘතිය ප්‍රේක්ෂක ජනතාව අතර වැඩි ජනප්‍රියතාවයක් පැවතීම නිසා විවිධ ක්‍රිකට් මණ්ඩල විසින් මෙම තරග සංවිධානය සිදු කළා.. ඒ අනුව කාලයත් සමග සංවර්ධනය වූ මෙම තරග ආකෘතිය අද වන විට අයිසීසී ලෝක කුසලාන 20 යි 20 තරගාවලිය ලෙස නම් දරා ඇත..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධනය මෙහෙයවූ පළමු අයිසීසී ලෝක කුසලාන 20 යි 20 තරගාවලිය 2007 වර්ෂයේ දී පැවැත්වුණු අතර එහි ශුරතාවය දිනාගනු ලැබුවේ ඉන්දියාව විසිනි.. අනුශුරතාවය පකිස්ථානයට හිමි වුණා.

ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් දැවැන්ත තරගාවලියක් වන 2021 අයිසීසී ලෝක කුසලාන 20 යි 20 තරගාවලිය මෙවර සියත නාලිකාව ඔස්සේ සජීවීව ප්‍රේක්ෂක ඔබට නැරඹීමට අවස්ථාව හිමි වෙනවා..


News Articles
Latest Videos
Most Popular Post